සුජිත් හේවාජුලිගේ
මිල ඉහළ දැමූ දින ඉන්ධන බෙදාහැරීමේදී සිදුවී තිබෙන වංචාවකින් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
මේ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව වංචාවට වග කිවයුතු නිලධාරීන්ට තාරාතිරම නොබලා දඬුවම් දෙන බවත් සිදුවූ පාඩුව ඒ නිලධාරීන්ගෙන්ම අය කර ගැනීමට පියවර ගන්නා බවත් ඇමතිනරයා කීය.
සිද්ධියේ පරීක්ෂණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම්, ඔබතුමා මේ සිදුවීම පිළිබඳව වගකීම භාර ගත යුතුයි කියලයි.
තෙල් මිල ඉහළ යන බව කලින්ම ප්‍රකාශ කරලා ශෙඩ් වල දිග පෝලිම් හදන්න තරම් මෝඩ ආන්ඩුවක්. තෙල් හංගපු ශෙඩ් වලටත් දඩුවම් දීපිය. තකතීරුවා.
රටේ අනාගතය වෙනුවෙන් දේශාපලන වශයෙන් තීන්දු තීරණ ගැනීම ක්‍රිකට් ගහනවා වගේ ලේසි නෑ මහතයෝ. දැන් ඉන්න කුජිත දේශපාලුවෝ කරන්නේ එන එන බෝලෙට ලෑල්ල දන එකයි, බොලේ පරණ වෙනකම් අල්ල අල්ල ඉන එකයි නේ.
මේ ඇමති ගිය තැනක රජයට පාඩුවක්.
මුලික පරීක්ෂණවලින් පසුව යම් වංචාවක් සිදු කර ඇත්නම් එම චෞරයින් නම් සහ නිලතල සහිතව හෙළි කරන්න. පාඩුව අයකර ගන්න. අධිකරණ තීන්දුවක් ලබාගන්න.
මාධ්‍ය වගකීම ඉටු කරන්න. රට පුරා දරුණු උන වසංගතයක්. මුහුණු ආවර්ණ පළදින ලෙස දැනුවත් කරන්න.
මේක රටක් මහත්තයෝ