(සුජිත් හේවාජුලිගේ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (17) සවස ප්‍රකාශයක් සටහන් කරගන්නා බව රහස් පොලිසිය පවසයි.
පොලිස් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවා කතානායකවරයාගෙන් මේ ප්‍රකාශ සටහන් කරගන්නා බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වු අවස්ථාවේ දී ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම දැනුම් දී ඇත්තේ කරු ජයසුරිය මහතා විසින් යැයි පැවසේ. එවිට කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන ඇමැති ලෙස කටයුතු කළේය.
රහස් පොලිසිය කරු ජයසුරිය මහතාගෙන් ප්‍රශ්න කිරිමට යන්නේ කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය දැනගත් ආකාරය හා තවත් සිද්ධීන් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට යැයි දැනගන්නට ඇත.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වුයේ 2008 වර්ෂයේ දීය. ඒ වන විට ඔහු ‘ද නේෂන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් කටයුතු කළේය.
කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයෝ අට දෙනෙක් මේවන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අර්බුදකාරී ප්‍රශ්න තිබුණත්,කතානායක වරයාගෙන් ප්‍රශ්න කිරීමට උවත් රහස් පොලීසියට අවස්ථාව තිබීමෙන් පෙනීයන්නේ රටේ නීතියේ පරමාධිපත්වය සෑහෙන දුරකට හෝ යහපත් බවයි.පක්ෂ,පාට නිලය හෝ වෙනත් දේ නොබලා "නීතිය සැමට සාධාරණ යුගයක් " කරා රට මෙහෙයවීමට හැකිනම් එය මහත් වාසනාවකි.
යුද්ධයේ අවසාන භයානකම අවුරුද්ද ඇතුළත මේ රහස් ඔත්තු සේවය ක්‍රියාත්මක වුණේ සීයට සීයක්ම අවංකව කියල අපි සැවොම පිළිගතයුතු වෙමු. එසේ නොවන්නට බෝම්බයකට හෝ උණ්ඩයකට අපේ ජීවිත නැතිකර දමන්නට බොහෝදුරට ඉඩ තිබුණි. විවිධ ඔත්තු ලබාගැනීමේදී සමහර පුද්ගලයන්ට මෙසේ කරදර විඳීමට සිදුවීම කණගාටුදායක වුවත් මුළු මහත් රටවැසියා ගැන සැලකීමේදී මටද අඩම්තේට්ටම් වූයේනම් ඒවා ඉවසීමට බලාපොරොත්තු වූවෙමි.