ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ ඇති වූ ගැටුම් අතරවාරයේදී මාස අටක බිලිඳකු මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අද, අඟහරුවාදා (15) නිවේදනය කළේය.
ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාර නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් මෙම බිලිඳා මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අටමස් වියැති ලයිලා අල් ගන්දූර් නැමැති බිළින්ඳෙකි. බිළිඳා ද ඇතුළුව අද දිනයේදී පමණක් ගැටුම් අතරතුර 58 දෙනකු මියගිය බවත් ඔවුන් බොහෝ දෙනා මියගියේ ස්නයිපර් ප්‍රහාරවලට ලක්වීමෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ගන්දූර් සහ ඇගේ පවුලේ සාමාජිකයන් ඊශ්‍රායල ගාසා දේශසීමාවට කොතරම් ආසන්නයෙන් සිටියේද යන්න නිශ්චිතව තොරතුරු වාර්තා වී නොමැත.
මාර්තු 30 වැනිදා සිට මෙම ඊශ්‍රායල-ගාසා දේශසීමව ද ඇතුළුව ස්ථාන කිහිපයක විරෝධතා පැවැතුණු අතර ඊයේ (14) දිනයේදී ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීන වැසියන් අතර ගැටුම් ද ඇතිවිය. ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමට විරෝධය පළ කරමින් ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ විරෝධතා උත්සන්න වී තිබේ.
අද දිනයේදී ඊශ්‍රායල-ගාසා දේශසීමාවට පලස්තීන වැසියන් දහස් ගණනක් රැස්ව සිටි බව ද වාර්තා විය.
විරෝධතා අතරවාරයේදී ඇති වූ ගැටුම් හේතුවෙන් 2000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
ඬේලිමේල් ඇසුරිනි
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd