රංජන් කස්තුරි
බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ප්‍රතිශතය හා අවම බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් අතර දැඩි මතභේදයක් හට ගෙන තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සියයට 20ක බස් ගාස්තු වැඩිවීමක් හා අවම ගාස්තුව රුපියල් 15ක් විය යුතු බව සඳහන් කරයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ බස් ගාස්තු සියයට 10කින් වැඩි විය යුතු අතර අවම ගාස්තුව රුපියල් 11ක් විය යුතු බවයි.
මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කරන්නේ බස් ගාස්තු සියයට 17න් වැඩි විය යුතු අතර අවම ගාස්තුව රුපියල් 15ක් විය යුතු බවය.
කෙසේ වෙතත් රජය ලබා දුන් සියයට 6.56ක වැඩිවීම ප්‍රතික්ෂේප කරන එම බස් සංගම් හෙට (16) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයට එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා පාසල් සිසිවකුව සිටියදී,එවකට ජනාධිපතිව සිටි ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය කාලයේ රට පුරා දැවැන්ත ලංගම බස්රථ වර්ජනයක් තිබුණා.ඒ දිනවල ප්‍රයිවෙට් බස් තිබුනේ නැහැ.ඒ නිසා ලංගම සේවකයන් මහා උඩගුවකින් තමයි වැඩ කලේ.ත්‍රිරෝධ රථ නැහැ.ඒ වෙනුවට තිබුනේ කාර්.මේ නිසා එම වැඩ වර්ජනය රජයට විශාල ප්‍රශ්න ඇතිකරවන්නක් වුණා.ජනාධිපතිවරයා ගුවන් විදුලියෙන් ජාතිය ඇමතුවා."බස් සේවකයන් වන තමුන්නාන්සේලාට ස්ට්‍රයික් කොරන්න අයිතිය තියෙනවා.ඒ නිසා තමුන්නාන්සේලා ස්ට්‍රයික් කොරන්න.ඒ වගේම ජනතාවට ගමන් බිමන් යන්ට ඔනෑ.ඒ නිසා මම හමුදාව යොදවා නොමිලේ බස් ධාවනය කොරවනවා." යයි කියා එය එසේම කරා.පුංචි අප හරි සතුටින් බස්වල නොමිලේ එහෙ මෙහෙ ගියා.ස්ට්‍රයික් එක නතර වුනා.පක්ෂ පාට මොකක් වුණත් බස්කාරයන්ට ඕන විදිහට රට නටවන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ.අද ඒ වගේ කෙනෙකු සිටියානම්,බස්කාරයන් මේ වගේ අපට පාට් දාන එකක් නැහැ.
මගේ බස් එක මන් පාඩුවට දුවන්නේ, අපිට සියයට හතලිහක වැඩිවීමක් ඕනේ.
ඔය උන්නැහේ තමයි මේ රට මේ අගාධයට ඇද දැම්මේ ලංගම සේවකයෝ වැඩ වර්ජනය කලානම් බෝහෝම සාධාරණ ඉල්ලීම් වලට ඒකත් බෝහෝම කලාතුරකින් ඉඟුරු දීලා මිරිස් ගත්තට එහා ගිය අමන වැඩක් ලංගම සේවකයන්ට පාඩමක් උගන්වන්න ගිහිල්ලා රටට කලේ.කිසිම විනයක් හැදියාවක් නැති රටේ නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන මැරවරයෝ තමයි අද ප්‍රවාහන සේවයේ රජ කරන්නේ ජේ.ආර් ගේ බුද්ධියේ මහිමයට.
මේ ගොල්ලෝ රටේ නීතිය සාධාරණ විදියට එකග වෙන්නේ නැතිනම් කියන්න ඕනේ වර්ජනය කරන්න කියල.මොකටද බය වෙන්නේ මේ විදියට රජයක් ගෙනියන්න බැහැ ඡන්ද ටික බලාගෙන මේ ගොල්ලෝ වැඩිම උන්නොත් සතියක් වර්ජනය කරවී ඉන්පසු නැවත දවනයට එනවා දන්නවා මෙහෙම වර්ජනය කලොත් ලීසිං එක ගෙවන්න බහ කියලා රජයට කෙලින්න බැරි මිනිසු නිසා මේක කවදාවත්ම වෙන්නේ නැහැ මුලින් ලිය තිබෙන පරිදි ජේ ආර් ගේ කලේ වගේ-
මොවුන් වර්ජනය කරන්නේ වැඩිම වුනොත් දවස් 3, මොකද ඊට එහා කරොත් ලීසිං ගෙවා ගන්න බැරි වෙනවා. පඩි ගෙවන්න බැරි වෙනවා, අදායමක් නැති නිසා. ඊට පස්සේ මොනවහරි බොරුවක් කියල අපහු බස් දුවනවා...
මේ රටට විදිමත් පොදු ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි. මේ රස්තියාදු කාරයින් එලවා දමා වෘත්තිමය සුදුසුකම් සහිත සමාගමකට බස් සේවය බාර දිය යුතුය. පුද්ගලික වාහන ප්‍රමාණය අඩු කල හැක්කේ එවිට පමණි.