(ඔගස්ටින් ප්‍රනාන්දු)
තරුණියක් මගින් දුන් ඇමතුමකින් පාළු ස්ථානයකට ගෙන්වා ගත් වෛදවරයකු බිය ගන්වා ඔහු සතු පවුම් පහමාරක් බරැති රන් ආභරණ කොල්ල කෑ කල්ලියක තිදෙනෙකු කොල්ල කෑ රන් ආභරණ සමඟ ඊයේ (15)අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙම රන් ආභරණ රුපියල් තුන් ලක්ෂ තිස්හය දහස් පන්සියයක් වටිනා බවත් කියයි.
බංගදෙණිය කුසලෙයි ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන වෛද්‍යවරයකු විසින් ඉකුත් අප්‍රේල් 4 වැනි දා හලාවත පොලිසියට කර තිබු පැමිණිල්ලක් අනුව ඔහු මෙම අතවරයට මුහුණ දි තිබුණි.
එදින කිසියමි තමන් දන්නා හඳුනන බව කී තරුණියක් ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඔහුව දන්නා බවත් අවශ්‍යතාවක් පිණිස හලාවත ලංකා බැංකු ශාඛාව අසලට පැමිණ තමන් හමුවන ලෙසට දන්වා තිබු බවත් ඒ අනුව තමා එහි ගිය විට යළිත් එම තැනැත්තිය යළි ඇමතුමක් දෙමින් තමා මල්වත්ත ප්‍රදේශයේ නිවසක ඉන්නා බව දන්වා එහි එන ලෙස ඇමතුමක් ලබාදි ඇති බවත් එම වෛද්‍යවරයා පොලිසියට දන්වා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වොට්සන්, හරිම සිත් ඇද ගන්නා සුලු තැන් කීපයක් ම මේ සිද්ධියේ තියෙනව.." පයිප්පයට දුම්කොළ පුරවමින් හෝම්ස් කීවේ ය.
කියන්නට ඇත්තේ එක දෙයයි ..... මෝඩ දොස්තර
දොස්තර වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ගියා වෙන්න නම් බෑ. මෙතන වෙනත් රහසක් තිබෙන හැඩයි.
දොස්තරලා ගැන කිව්වම මම මේ දන්නේ නැති නිසා අහන්නේ ආයුබෝවන්ඩ! දැන් ඔය ලොකු ලොකු නගරවල වල සුපර් මාකට් වගේ තියෙන චැනල් සෙන්ටර් වලින් ඔය කියන ලොකු ලොකු දොස්තර මහත්තුරු අහිංසක මිනිස්සුන්ගෙන් හූර ගන්න සල්ලි වලට ආදායම් බදු ගෙවනවද මහත්තයෝ?
දොස්තරය ගෑනු පෙරේතයෙක් කියල මුන් දන්නා නිසා තමයි මේ විධියට ගේම ප්ලෑන් කරලා තියෙන්නේ. පවුම් පහ හමාරක රත්රන් මගේ පවුල මඟුල් ගෙදරකටවත් දාන්නෙ නැහැ. ඒ අතින් බලනකොට මේ දොස්තර ලොකු උත්සවයකට යනකොට රොබරිය දුන්න නම් පවුම් පහලවක් විස්සක් ගන්න තිබුණ.
නිදි මරාගෙන කට පාඩම් කරලා දොස්තර විභාගේ පාස් කලාට මොලේ කලඳක් නැති බව ඔප්පු වෙනවා.
ලෙඩ දුකට හරි මෙච්චර ඉක්මනින් නොයන දොස්තරලා, මෙහෙම ක්ෂණික රැවටනවා නං?
දොස්තරලා සංහතියටම අපහාස කරන අය රෝගියෙක් වූ දාට...
කෙල්ලෙක් කෝල් එකක් දුන්න පළියට, එන්න කියපු පළියට, දොස්තර කෙනෙක් තියා හෝටලේක වේටර් කෙනෙක්වත් ඔහොම මෝඩ ගමන් යනවද? මට හිතෙන්නේ මේ යකා මොලේ කළඳක් වත් නැති පෙරේතයෙක් වගෙයි.
ජනතා සේවයට කැපවුණු මෙවැනි අයට පොලිස් ආරක්ෂාව ලබාදෙන්න...