(ඩයනා උදයංගනී)
බස්ගාස්තු සංශෝධනය කිරීම සිදුවූයේ බස් සංගම්, අමාත්‍යාංශය ඇතුළු සියළු පාර්ශවවල එකඟත්වය මත ඇති කරගත් මිල සුත්රයකයට අනුව බවත්, ඊට වැඩි ගාස්තු වැඩිවීමක් ලබාදිය නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පහුගිය කාලය පුරාවට බස් ගාස්තු වැඩි කර ඇත්තේ ඒ අනුව බව කී අමාත්‍යවරයා ප්‍රතිපත්තියක් පවතිද්දී බස් සංගම්වල ඉල්ලීම් අනුව හිතුමතේ ගාස්තු වැඩි කළ නොහැකි බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩිවීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කළ යුතු අන්දම එම මිල සූත්‍රයෙහි සඳහන් බැවින් එයට විරුද්ධ වීමට කිසිවෙකුටත් නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
බස් සංගම් වැඩ වර්ජනයක් කළහොත් එයට මුහුණදීමට රජය සූදානම් බව කී අමාත්‍යවරයා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 1500ක් යෙදවීමට හා දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට මේ වන විටත් තීරණය කර ඇතැයි ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඇමතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය
ඔබතුමන්ලා මොනවා කීවත් වැඩ වු බස් ගාස්තු ඉහළ නැංවීමෙනුත්, වර්ජන සිදුකිරීමෙනුත් අපහසුතාවයට පත්වන්නේ මගී ජනතාව නේද?
පිළිතුර
එහෙමයි කියලා සියලූ ඉල්ලීම් දෙන්න බැහැ. ප්‍රතිපත්තියක් තිබෙනවා නම් ගාස්තු වැඩිවිය යුත්තේ ඒ අනුවයි. ජනතාවට අනවශ්‍ය තරම් බර පටවන්න බැහැ. පසුගිය කාලයේ බස් ගාස්තු වැඩි කර ඇත්තේත්, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේත් ඒ අනුවයි.
ප්රශ්නය
ලිහිසි තෙල්, සේවක වේතනය ගෙවීම ආදිය සළකා මීට වඩා වැඩිකිරීමක් කළ හැකි බව බස් සංගම් කියනවා නේද?
පිළිතුර
එහෙත් ප්‍රතිපත්තියෙන් පිට කටයුතු කරන්න බැහැ.
ප්රශ්නය
ඉන්ධන මිල වැඩිවන අවස්ථාවල තමන්ටත් ඉන්ධන සහනයක් ලබාදෙන ලෙස බස් සංගම් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කරනවාද?
පිළිතුර
ඉන්ධන මිල වැඩිවූ නිසා තමයි ගාස්තු වැඩිවීමක් දුන්නේ. මේ වන විටත් අපි ඉන්ධන සහනාධාර වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. සමෘද්ධි හා වතුකරයේ පවුල් 47,555කට සහ ධීවර පවුල් 24,282කට භූමිතෙල් සහනාධාරය හිමිවෙනවා. ඩීසල්වාහන වලටත් භූමිතෙල් යෙදීම නිසයි එම මිල වැඩිකර ඩීසල් මිල හා සමාන කිරීමට සිදුවූයේ. මෙම සහනාධාරය මිල වැඩිවීම සිදුවූ දා සිට බලපාන අයුරින් ජූනි 1 වැනි දා සිට ලබාදෙනවා.
ප්රශ්නය
එයට විසඳුම මිල වැඩිකිරීම නොව ඉන්ධනහල් වලින් බස් රථ සඳහා ඩීසල් ලබාදීම වැළැක්වීම නේද? දැන් සී.සී.ටී.වී කැමරා ආදිය ඇති නිසා එය පහසුයි.
පිළිතුර
ඉන්ධනහල් අසල පොලිස් නිලධාරියෙක් බැගින් යොදවන්න හැකියාවක් නැහැ. සී.සී.ටී.වී කැමරාවලින් අලෙවි කරන්නේ භූමිතෙල්ද ඩීසල්ද කියා සොයන්නේ කොහොමද?
ප්රශ්නය
ඉන්ධන මිල වැඩිවීම නිසා බස් ගාස්තු පමණක් නෙවෙයි ත්‍රීරෝද රථ ගාස්තු, පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ආදියත් ඉහළ යනවා නේද? ඒ වගේම ආප්පවල සිට සියලූ ආහාරපාන මිල වැඩිවෙනවා.
පිළිතුර
අපි තවමත් 2014දී තිබුණාට වඩා අඩුවෙන් ඉන්ධන මිල පවත්වාගෙන යනවා. එසේ නම් 2014 දී තිබූ මිලට ඒ සේවා පවත්වාගෙන යා හැකි විය යුතුයි. එසේ වැඩිකිරීම සාධාරණ නැහැ. එසේම ආහාර පාන මිල වැඩිවී නැහැ.
ප්රශ්නය
වත්මන් රජය බලයට එද්දී මීට වඩා දේවල් බලාපොරොත්තු වුණා නේද?
පිළිතුර
අපි බලයට ආ පසු ජනතාවට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. සමෘද්ධි, මහපොළ දෙගුණ කළා. ඒවා ගැන කතා නොකරන්නේ ඇයි?
ප්රශ්නය
බස්වලට භූමිතෙල් යෙදීමෙන් ඒවාට හානි වුවහොත් පාඩුව බස් කර්මාන්තකරුවන්ටයි. රජය ඒ ගැන පියවර ගන්නේ ඇයි?
පිළිතුර
අමතර කොටස් ගෙන්වද්දී විදේශවලට ඇදී යන්නේ රටේ මුදල් නෙවෙයිද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක කිව්වේ කටින්ද නැතිනම් වෙන පැත්තකින්ද? වර්ජන කළාම අගේට නැට්ට අස්සෙ ගහගෙන වැඩිකරාවි..
කොහොමත් මේ අම්බරුවන් උපන්දා සිට කථනය "ඔබ කියන අනිත් පැත්තෙන්" තමයි.
මේ කියන්නේ බොරු කියලා ඔබ සැමට හෙට වෙනකොටම තේරේවි.
මෙයාගේ කයිවාරු විතරයි. ඔන්න 12.5% වැඩිකරලා. මෙයා දන්නේ නැහැ ආණ්ඩුව තුළ මොනවද වෙන්නේ කියලා..
යහපාලනේ රෙද්ද පල්ලෙන් බේරෙයි. බස් ගාස්තුව 12.5% කින් වැඩිකර ඇත..
මේ පරාජිත පාලකයින්ගේ අතකොලු වර්ජනයක් කරන්න යන්නේ. 56 කලාවගේ සේරම පුද්ගලික බස් ලංගමට ගන්න ඕනෑ. එතකොට ඒවායේ සේවකයින්ටත් හොඳ කලක් ඒවි. මහජනයාත් සැපට බස්වල යාවි...
මේක ඔල්මොරොන්දම් කාරයින්ගේ ආණ්ඩුවක්.. මෙහේ ගිරිය පුප්පගෙන කෑ ගහනවා. බස් ගාස්තු තවත් වැඩිකරන්නේ නැහැ කියලා... අනිකා රටටම හොරෙන් බස් කාරයෝ එක්ක ඩීල්දාලා තවත් සීයට හයක් වැඩිකරලා. මේ සීයට හය ගන්න බස් සමාගම් කාරයින් කොච්චර පගාවක් දුන්නද කියලා හොයන්න ජනාධිපති කොමිසමක් දාමුද සිරිසේන මහත්තයෝ?
විශිෂ්ඨ ප්‍රකාශයක් රාජිත මැතිඳුනි... ජනතා සහන දෙන යහපාලන වැඩපිළිවෙලේ යෝධ නියමුවෙක් ඔබතුමා...
අයියෝ මං ඔය වගක් දැන ගත්තෙ හිටං පත්තරෙන්.
මේවා විස්වාස කරන්න අපි කොන්ද බැඳපු චින්නුද. වැඩි කරන්න ඉඩ දීලා දැන් කියනවා එහෙම කරන්න දෙන්නේ නැහැලු.
මේ කැබිනට් ප්‍රකාශක කියන හුගක් දේ තාර බර ඇරලා ගන්න ඕන .
කිව්වා වගේම කරලා තියෙන්නේ.
කටින්ද කිව්වේ ඇමතිතුමෝ
ඔය කියන ඒවා කොලේ?