සුජිත් හේවාජුලිගේ
බලි කුරුටු ඇඳි , විකෘති කෙරුණු මුදල් නෝට්ටු දාහත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගිය වසරේදී විනාශ කරන ලදැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.
විනාශ කරන ලද මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් කෝටි 9420කි. විකෘති කෙරුණු මුදල් නෝට්ටු වෙනුවට ව්‍යවහාර මුදල් නෝට්ටු ජනතාවට විධිමත්ව සැපයීම තහවුරු කිරීමේ අරමුණින් මෙසේ විනාශ කරන ලද බවත් විකෘති කෙරුණු මෙම මුදල් නෝට්ටු බලපත්‍රලාභි වාණිජ බැංකු විසින් තැන්පත් කරනු ලැබ තිබූ බවත් මහ බැංකු වාර්තාවේ දැක්වෙයි.
විකෘති කෙරුණු මුදල් නෝට්ටු විනාශ කිරීම ශ්‍රිලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව නොකඩවා කරන බවද මහ බැංකුව පවසයි.
ගිය වසරේ විනාශ කරන ලද මුදල් නෝට්ටු වෙනුවට රුපියල් කෝටි 50,460ක් වටිනා ව්‍යවහාර මුදල් නෝට්ටු තිස් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ දහසක් අලුතින් නිකුත් කර ඇතැයි කියන මහ බැංකු වාර්තාව සිතාමතා විකෘති කරන ලද , හානි කරන ලද හෝ වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පැවතීම සැලකිල්ලට ගත යුතු බවද මහ බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් දවසකට විකෘති කරපු නෝට්ටු එකක් දෙකක් ලැබෙනවා. නම් හා ටැලිපෝන් නොම්මර ලියලා, ගණන් හදල ලියලා. පොඩි ලකුණක් දැක්කත් දැන් සල්ලි කොළ ගන්නේ නැහැ ඒ නිසා මේ තීන්ත ලකුණු යවන්න තිනර්වල නෝට්ටු පැය භාගයක් විතර ඔබලා තියනවා.
පොලිමර් නෝට්ටු නිකුත් කළා නම් දිගු කලක් පාවිච්චි කල හැකියි.
ඔචචර ගානක්ම නම් වෙන්න බෑ , මට නම් හිතෙන්නේ විකෘති කෙරුණු මුදල් නෝට්ටු සිද්ධිය පිට දාල ආණ්ඩුව වැඩිපුර මුදල් අච්චු ගහලා.
ඉස්සර රත්තරන් වතුරේ දාන මිනිස්සු ළඟ ඔය නෝට්ටු පවිත්‍ර කරන ක්‍රමයක් තිබ්බා. ඕකට විකල්පයක් විදිහට පොලිමර් නෝට්ටු හඳුන්වලා දීලා වැඩක් නෑ. රු 200 නෝට්ටුවට වෙච්ච දේ මතකයිනේ.