(විනීතා එම් ගමගේ)
කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු සඳහා වැලි අවශ්‍ය වන අවස්ථාවන්හිදී නාගරික ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලෙස කිලෝ 10, 25 හා 50 ප්‍රමාණවලින් වැලි උර වෙළඳපොළට නිකුත් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පියවර ගෙන ඇත.
මෙසේ වැලි මලු සකස් කරන්නේ හැලීමෙන් පසුව බවත් ඉතා හොඳ ප්‍රමිතියෙන් යුත් වැලිමලු මෙසේ වෙළඳපොළට නිකුත් කරන බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දෙවෙල මහතා ලංකාදීපයට පැවැසීය.
වැලි මිල පාලනය සඳහා මෙම වැලි මළු වෙළඳපොළට නිකුත් කරන බවත් මෙම ව්‍යාපෘතිය තුළින් කාර්යංශයට ලාභ නොලැබෙන අතර සමාජ සත්කාරයක් ලෙස මෙම කටයුත්ත ක්‍රියාවට නැගෙන බවත් හෙතෙම කියා සිටියේය.
ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව වැලි මිල පාලනය කිරීමේ වැඩපිළිවෙළක් එක් අංගයක් ලෙස මෙම කටයුත්ත සිදුකරන බව ද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය ගමන්ම පොලවේ පස් ටිකකුත් කිලෝ 10 පාර්සල් කරලා වෙළඳපොළට එවන්න. අපිට අඩු පස් විතරයි.
ඉතා හොඳ වැඩක්.. නැත්නම් නගරවල කුඩා ප්‍රමාණයෙන් වැලි ලබාගැනීම අපහසුයි.
මේ අදහස ඉතාම හොඳ එකක් මේක මම නම් යෝජනා කලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කලේ ඒවා අහන්න කෙනෙක් හිටියේ. දැන්වත් ඒවගේ දෙයක් කරන එක හොඳයි. එ්ත් වැඩි දවසක් කරන එකක් නෑ.. ඒ වගේම කිලෝ 5 සිමෙන්ති පොඩි බෑග් වෙළඳපොළට එවන්න.
වැලි කන්න තමයි ඉදිරිකාලේදී සිද්ධ වෙන්නේ...? අඩු ගානේ ඕවට විටමින් ටිකක්වත් එකතු කළොත් නරකද?
අප විශ්වාස කරනවා... මෙය ඉතාමත්ම හොඳ දෙයක් ලෙස. නමුත් හොර තක්කඩි රැළ මුහුදු වැලිත් විකුණන්න ගනීවි. එසේත් නැත්නම් ඒවා මිශ්‍රකර අනිසි ලාබ ලබයි. එසේත් නැත්නම් පස් සමග වැලි විකුණන්න ගනීවි. එවන් ජරා වැඩවලට වැඩිදෙනෙකු කැමැත්තක් දක්වන බැවින් එවන් සිදුවීම් වැළැක්විය යුතුය.
හොඳ වැඩක් කළාම හොඳයි කියන්න තරම් අපි නිහතමානී විය යුතුයි.
මේක නම් ඉතාමත් බුද්ධිමත් ක්‍රියාවක් රටකජු වෙළෙන්දෝ ලොකු කරදෙරේක වැටිලා හිටියේ...
ඉතා හොඳ අදහසක් නමුත් ක්‍රියාත්මක කරන්න හොඳ කණ්ඩායමක් දිගටම ඉන්න වෙයි.