අතුල බංඩාර නෙළුම්පත්ගම
කලාවැවේ වාන් දොරටු දෙකක් අද (17) අඩි දහය බැගින් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ජලය ඝණ අඩි දහදහස් එකසිය දොළහක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව වාරි මාර්ග ඉංජිනේරු එච්.එම්.එල් ආර් හේරත් මහතා පැවසීය.
මේ හේතුව නිසා කලාඔය දෙපස පදිංචිව සිටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් කරන බව වාරි මාර්ග ඉංජිනේරුවරයා කීය.
කලාඔය පිටාර ගැලීම නිසා මේ වන විට අවුකන සිට කැකිරාව දක්වා ගමන් ගන්නා මාර්ගයත් ගල්නෑව සිට හිරිපිටියාගම හරහා කැකිරාව දක්වා ගමන් ගන්නා මාර්ගයත් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව තිබේ.
මේ නිසා එම මාර්ග වල ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි නියගය අවසන් වෙලා දවස් කීපයයි. කලාවැව වාන් දානවා. දැන් රටේ තිබෙන බොහොමයක් වැව් මේ වගේ. වැසි කීපයකින් පිරෙනවා, නැවත මාසයක් පායනකොට හිදෙනවා. වැව් පතල් රොන් මඩ වලින් පිරිලා. මේවා ඉතා ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගන්න ඕන. ඒ වගේම වැව් පෝෂක කලාපවල සිදුවන වන විනාශයන් වහාම නවත්වන්න ඕන.