( නාලක සංජීව දහනායක)
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රණවිරුවන් පාවා දෙමින් කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශයට පිළිතුරු නොදුන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා වහාම එම තනතුරින් ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම මහතා අද (17) පැවැසීය.
අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට විරෝධය දක්වමින් කිසිම මින් ඉදිරියට කිසිදු හමුදා නිළධාරියෙකු හමුදා මාධ්‍ය ප‍්‍රකාශක තනතුර භාර නොගත යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.
‘‘ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමේ සටන මෑත කාලයේදී ආරම්භ වුනේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. නුමත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්ධනය කරන්න හැකියාවක් ලැබුනේ අපේ රටේ ත‍්‍රිවිධ හමුදාවන්ට පමණයි. ඒ නිසා අපේ හමුදාය ලෝකයේම කීර්තියක් අත්කරගත් විනය අතින් ඉතාම ඉහළ තත්ත්වයක සිටින හමුදාවක් බව කියන්න ඕන. ඒ හමුදාවට විරුද්ධව ඩයස් පොරාව ඇතුළු එල්.ටී.ටී.ඊ හිතවාදීන් ප‍්‍රකාශ කළාට කමක් නැහැ.
මගේ පියත් හමුදා ක‍්‍රියාන්විතයේ සිටි මේජර් ජෙනරල් වරයෙක්. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කරන්නේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහත්තය තමන්ට අල්ලපු ආසනයේ ඉන්නවිටයි. ඇමතිවරයාගේ ප‍්‍රකාශය ගැන ප‍්‍රකාශයක් යමක් කියන්න හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාට නොහැකිවුණා. ඒ නිසා ත‍්‍රිවිධ හමුදාවට විශාල අපකීර්තියක් අත්වුණා. හමුදාවට කොන්දක් තියෙන බව පෙන්වන්නනම් ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතුයි. එමෙන්ම කිසිම හමුදා නිළධාරියෙක් මින් මනතට මෙම නිළය බාර නොගත යුතුයි කියලත් අපි කියනවා.‘
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ අදහස එකහෙලා අනුමත කරමි.
සියල්ලටම පෙර හමුදාවන්ගේ ගරුත්වය කෙලෙසූ ඇමතිට දඬුවම් කල යුතුයි.
අද ඉන්නේ ඒවගේ හමුදාපති කෙනෙක් පොඩි අයගෙන් වැරදි වුණාට ගණන් ගන්න එපා .
හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කියන්නේ නිලයක් විතරයි. මෙහයවන්නේ කවුද කියල අර වගේ ප‍්‍රකාශ කරන අයගෙන්ම පේනවනේ. මගේ, අපේ සිංහල දීපය නැති නොකර ඔය ප‍්‍රකාශ කරන අය වහාම ඉල්ලා අස්විය යුතුයි. ජාතියෙන් සමාව ඉල්ලිය යුතුයි.
ලංකාව නැති කරන්න ඉපදුන කෙනෙක්
කණගාටු වන්න එපා. මැතිවරණයේදී අපි උත්තර දෙමු .
මේ වගේ කතා කියන්නෙපා........ හමුදාවන්ට නිග්‍රහ කරන්න ලැජ්ජ් නැද්ද?
හමුදාවේ සිට මියගිය සහෝදරයා ඇතුළු සියලුම රණවිරුවන් හෙට දින සිහි කරන්නෙම්. ඔවුන් සියලුදෙනාම අපේ රටට මහත් ආඩම්බරයක්. යුද්දයේදී මියගිය රණවිරුවනි ඔබ සියලු දෙනාටම නිවන්සුව අත්වේවා. අනෙක් සියලුම රණවිරුවනි ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුදකරනවා .