(රොමේෂ් මධුෂංඛ)
යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙට (18) ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කර තිබේ.
උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පති වරුන් හා ගුරුවරුන්ගෙන් මෙම අදාල ඉල්ලීම සිදු කර තිබේ.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පසුගිය අවුරුදු 30 ක කාලය පුරාවට යුද්ධය හේතුවෙන් තරුණ තරුණියන් මෙන්ම විශාල ජනතාවක් මිය ගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන් ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන අතරම ඒ වෙනුවෙන් උතුරු පලාතේ පිහිටි පාසල්හි පලාත් ධජය අඩකුඹු කරන ලෙසට ඉල්ලා සිටින බවටත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් මියගිය හා අබාධයන්ට ලක්වුන අපේ රණවිරුවන් සිහිකරලා අපි මගුල් කාලා, රණවිරුවනුත් විකුණගෙනත් කාලා, කැත දේශපාලනයක් කලාට, අපිට ත්රස්තවාදීන් වුනත් ඔවුනට වීරයින් වු න, මේ රටේ සිවිල් යුද්ධයෙන් මියගිය ඔවුන්ගේ සහෘදයන්ට ඒ දක්වන ශෝක උපහාරය තමයි ලෝකයේ ඕනෑම රටක බුද්ධිමත් ජනතාවක් කරන්නේ. ජය පරාජය කා හට උවත් යුද්ධයක් යනු සියලුම ජනවර්ගයාගේ පරාජයයි. ඒ නිසා මිලියන ගණන් වැය කරමින් ගන්නා, මෝඩ චුන් වලට වඩා, විවිධ ආර්ථික අපහසුතාවලින් පිඩාවට පත්ව සිටින යුද්ධයෙන් මියගිය හා අබාධිත රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ට උපකාරයක් කල හැකි නම්, ඒ රණවිරුවන්ට කරන සැබෑම උපහාරයයි!!
ඔව් ඔව් දෙපැත්තේම නැති වුනේ ලාංකික අහිංසක කෙල්ලෝ කොල්ලෝ... උත්සව නැතිව සිහිකරන හැමෝම එක සෑම දෙමාපියන්ටම සහනයක්... දානයක් දීලා පින් අනුමෝදන් කරන්න.
පළාත් කොඩිය අඩකුඹු කරලා සිංහ කොඩිය ඔසවා තියන්න කියල සෑම රාජ්‍ය ආයතනයකටම නියෝග කරන්න ආණ්ඩුව වගබලගතයුතුයි.
සිංහ කොඩියත් නැති උතුරු නැගෙනහිර වැඩි ඈතක නෙමෙ. මේ ආණ්ඩුවක් නිසා වෙන දේවල්. සැජ්ජයි
මේ නිවට දේශ ද්‍රෝහී පාලකයින් නිසා අද මේ රටට සිදුවන දෙය ජනතාව තේරුම් ගත යුතුයි.මෙවැනි නිර්දේශ ගෙන එන්නවුන් සිර භාරයට ගත යුතුමයි. ජේ . ආර්. ද්‍රෝහියා ඇති කළ පළාත් සභා අහෝසි කල යුතුමය. රණවිරු දිනය අභිමානයෙන් සැමරිය යුතුමයි .මේවාට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔහු ත්‍රස්තවාදියෙකු බව කිව යුතුමය.
හොද යෝජනාවක්, උතුරේ සහ දකුණේ මිය ගිය සියලු දෙන වෙනුවෙන් කොඩිය අද කුබු කර පහනක් දල්වමු.