සිතුම් චතුරංග
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය.
නඩුවෙන් වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට විරෝධතාවය ප්‍රකාශ කළ අතර ඔහු නැවත ඇප කොන්දේසි කඩ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
පොල්ගම්පොළ මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගැණුනු අතර විදේශගත වීම තහනම් කර ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ..... මේ අහිංසක අවංක බෝබිලා ඉදිරියේ පැවැතිවීමට නියමිත දියවන්නාඔයේ "අම්බරුවන් තේරීමේ මහා සීලාචාර " තරගයට ඉහලින්ම සුදුසුකම් සම්පුර්ණ කර ඇතිබවට සතුටින් දැන්වීමට කැමැත්තෙමු.
ඉස්සර නම් පොලිස් කොස්තාපල්කමකට යන කෙනෙකුගේ කවුරුහරි උසාවියෙන් අච්චු විඳලා තියනවානම් අයදුම් කරන්නවත් බැහැ. ඒක ගැන සහතිකය පොලිසියට දෙන්නේ ග්‍රාම සේවක මහතායි.
සමහරු අහනවා වෙනස සැපද කියලා. මට අහන්න තියෙන්නේ මොකද්ද වෙනස කියලා.