සුජිත් හේවාජුලිගේ
කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ වැඩ පිළිවෙළ නැවත පටන් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
භික්ෂු සමාජය විනය ගරුක කිරිම , ශක්තිමත් කිරීම රටක වගකීම බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පස්වරුවේ පැවති රාමඤ්ඤ නිකායේ නායක ධූරයට පත්වුණු මාතලේ කුසලධම්ම හිමියන්ට අක්ත්‍රපත්‍ර පිරිනැමීමේ උත්සවයේදීය.
ජනාධිපතිවරයා එහිදී මේසේද කීය.
‘‘භික්ෂු සමාජයේ වගකීම් යුතුකම් ප්‍රශ්න ගැන මෙතැනදී කතා කෙරුණා. වත්මන් රජය බලයට පත්වු අවස්ථාවේදී 2015 මුල් මාස කිහිපයේදී අප මේ සම්බන්ධයෙන් මුලික වැඩ කොටස් රාශියක් ක්‍රියාත්මක කළා.ඇතැම් දේවල් සම්බන්ධයෙන් අණ පනත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ එක්කම කැපවුණු භික්ෂුන්වහන්සේලා ගේ ප්‍රශ්න , ගැටලු , විරෝධතා ඒ වගේම නිකායික වශයෙන් ඇතිවුණු විවිධ ප්‍රශ්න අදහස් නිසා ඒ කරගෙන ආ වැඩ කටයුතු නතර කරන්න සිදුවුණා. ඔබ වහන්සේලාගේ අනුශාසනා මග පෙන්වීම් ලැබෙනවා නම් ඒ කටයුතු අපට නැවතත් ආරම්භ කරන්න පුළුවන්.අප රටක් විදියට වැඩ කරන්නේ මහ සංඝයාගේ මග පෙන්වීම් අනුවයි‘‘.
ඡායාරූප චතුර එස් .කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තමයි මේවැඩෙට සුදුසුම පුද්ගලයා.. ජය ජය...!
භික්ෂු විනය හදන්න කලින් පාර්ලිමේන්තුවේ විනය හදමු නේද?
ඕක කෙරෙන වැඩක් නෙවේ. මහනායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතුව සංඝායනාවක් කරන්න තමා තියෙන්නේ.
ඔක්කෝටම කිලින් දේශපාලකයන්ගේ විනය හදන්න සුපුරුදු පරිදි පාළාත් පාලන සභාපතිල සහ මන්ත්‍රීලගේ සෙල්ලම ආයිත් පටන් ගත්තා
නැවත පටන් ගන්නේ එය කලින් නවත්වලද තිබුනේ ?
භික්ෂු සමාජේ හදන්න ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂේ හදාගන්නකෝ.
"සියල්ලටම කලින් තමන්ගේ සහ තම පවුලේ විනය හදාගනු....!!!!"
ඔක්කොටම කලින් තමුන් සහ තමුන්ගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔය පිංගුත්තර දේශපාලුවෝ ටික හදා ගත්තනම් නරකද ? ජනතාව නොරවටනු .
ආර්ය සංඝ සමාජයේ අඩුපාඩු උන්වහන්සේලා විසින්ම හඳුනා ගැනීම වඩා සුදුසුය. එම හඳුනා ගැනීම් නිවැරදි කිරීමට උන්වහන්සේලා යෝජනා කරන උපකාර ලබාදීමට රාජ්‍ය මට්ටමින් මැදිහත්වීමක් සුදුසුය.
පුළුවන් දෙයක් කිව්වොත් තමයි හොඳ
පළමුවෙන්ම කළ යුතු දෙය නම්... අවුරුදු 18ට අඩු ළමයි ශාසනයට බඳවා ගැනීම තහනම් කිරීම සහ මස් - මාළු සමග ආහාර පිළිගැන්වීමෙන් වැළකී සිටීම.. අන්න එදාට තමයි මේ.. අය බෞද්ධයින් වෙන්නේ...