( දයාරත්න ඇඹෝගම සහ බී.ජී. චතුරංග)
පංති තහනම් කරනු ලැබු රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා නැවත විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට බල කරමින් රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු අද (17) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක් කළහ.
මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ සිට කිලෝමිටර් 14 ක් පා ගමනින් පැමිණි ඔවුහු අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදි විවිධ බැනර් සටන් පාඨ කියමින් මෙම උද්ඝෝෂණයේ නිරත වුහ.
රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සිසුවා කියා සිටියේ රජරට විශ්ව විද්‍යාලයේ දැවැන්ත ශිෂ්‍ය මර්ධනයක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි.‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිසුන්ගේ පන්ති තහනම් කරේ ඇයි කියලත් කියන්නට පුලුවන්ද? පන්ති තහනම් කර ඇත්තේ නවක වදය දීම සම්බන්ධයෙන්වත්ද?
මේ අයගේ පන්ති පමණක් නොවේ ශිෂ්‍යභාවයද අහෝසි කල යුතුයි. අතීතයේදී, මෙවන් සමාජ උන්මන්තකයින් කීප දෙනෙක් හෝ මේ සමාජයෙන් තුරන් නොකරන්නට, වර්තමානයේදී, මෙලෙසින් හෝ අපට මේ රටේ ජීවත් වීමට නොහැකි වනු ඇත.
මෙවැනිම අය එලියට පැමිණ මේ රට පරිපාලනය කරන හැටි පේනවනේ? ආයේ කතා දෙකක් නැහැ, රටේ අනාගතයත් එහෙමම තමයි. මෙවුන් සිතන්නේ දේශපාලනෙන් කුණු වුන මොළ තමයි බුද්ධිමත් බවේ සංකේතය කියලා.