අජන්ත කුමාර අගලකඩ
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය වෙනුවට ලබන 3 වැනිදාට තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව අද (17) රාත්‍රීයේ තීරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී රැස්වු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව ලබන මස 3 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය වු බව ඔහු සඳහන් කළේය.
තාවකාලිකව නිලධාරි මණ්ඩලය පත් කරගැනීමටත් පසුව දෙසැම්බර් 2 වැනිදාට පෙර පක්ෂයේ ප්රතිසංවිධානයක් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඩිලාන් පෙරේරා මහතා කීවේය.
මේ අතර ලංකාදිපයට කළ විමසුමකදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලබන මස 3 වැනිදා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමෙන් පසු අගෝස්තු 20 වැනිදා ට පෙර පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන බල මණ්ඩල කැඳවීමටද තීරණය කළ බව පැවසීය.
පක්ෂය පූර්ව ප්‍රතිසංවිධානය කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2 වැනිදාට පෙර විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව රැස්වී ස්ථීර නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.
ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් .ඩි.ජේ සෙනවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද බව කී මන්ත්‍රීවරයා ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන දිනය තීරණය කළ හැක්කේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 23 දෙනා යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කීවේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද හිටපු අගමැති දී.මු ජයරත්න මහතාද මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.
මේ අතර පක්ෂයේ සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ වැඩකටයුතු අවුල් කර අලුත් පක්ෂයක් ආරම්භකළ කුරුණෑගල මන්ත්‍රී තුමා මෙතෙන්ට පැමිණියේ නැද්ද? මේ සේරම අවුල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට නොව එක පවුලක් බලයට පත් කිරීමට ඉතා සුළු පිරිසක් විසින් ගන්නා කපටි උත්සාහය නිසා ඇතිවුබව තේරුම් ගෙන කටයුතු කලොත් ඔවුන් අටවා ඇති මේ මර උගුලෙන් ගැලවෙන්නට හැකිවේවි. පක්ෂයේ විනය නීති කඩ කරන පිරිසට විරුද්ධව ක්‍රියා කිරීමට තරම් කොන්දක් නැති එක තමා මේ සේරටම මුල. රට පුරා ප්‍රචාරය වෙන්නේ එකාබද්ධයේ නිල මාධ්‍ය බවට පත්වී ඇති ආණ්ඩු විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරින මුසාවාද වලට පිලියමක් නොකර මොනවා කලත් වැඩක් වෙන්නේ නැත. හොඳම උදාහරණය රෝසි සේනානායකගේ වැසිකිළි කතාවයි. ලංකාවේ ජනමාධ්‍ය වලට මාධ්‍ය සදාචාරයක් ඇත්තෙම නැත. මහ ජනතාව ඒවගක් දන්නේ ද නැත. ආණ්ඩුවට ඇති එකම ගැල විජ්ජාව ජනමාධ්‍ය නියාමනය කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත්කිරීම පමණය.
මේ මිනිසුන්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද
දැන් දියවෙලා ඉවරයි.
ගොදුර අනුව පාට වෙනස් කිරීම නොව කළ යුත්තේ ප්‍රතිපත්තියක් නැති ජනතා අප්‍රසාදයට පත්වූ අය ඉවත්වී අලුත් පිරිසකට ඉඩදෙන එක. ඕනනම් ඉවත්විය යුතු අයගේ නම් ටිකත් අපට කිව හැකියි. ශබ්දෙ තරමට වැඩක් කළ නොහැකි අය අයින් වෙන්නෙනම් පක්ෂයටත් පක්ෂය ඇතිකළ නිර්මාතෘවරයන්ටත් කරන උතුම්ම ගෞරවය ඒකයි
වේද බැරි අය රගපානව අපේ සල්ලි වලට
ජනතා හෘද ස්පන්දනය තේරුම් ගන්නැයි පළාත් පාලන ඡන්දයෙන් දුන් පණිවිඩය තේරුම් ගන්න.
අවරුදු ගානක් වයසට යනකල් ජනතාවට සේවය කරනවා කිය කියා රටේ කාලය මැරුවා. ආයේ දැන් අලුත් වෙනසකට යන්නේ සේවයක් කරන්න වෙන්ඩ ඇති . තව කොච්චර කල් යයිද දන්නේ නැහැ ජනතාව ගැන හිතන්න. මෙච්චර කල් දියුණු වුනේ පක්ෂයේ කට්ටියනේ .