ක.ග කරුණාරත්න
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී ගවයින් නිදැල්ලේ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කිරි ගොවීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (17) නියෝග කළාය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර සැප්තැම්බර් මස 07 වැනි දිනට නැවත නඩුව කැඳවීමට අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට බදූර්දීන්ව පේන්නැද්ද? අහිංසකයන්ට පාර්ට් දාන්නේ, නිවටයින්ම තමයි.
වන ජීවී මහත්වරුනි, කිරි ගොවියන් ගවයෝ කැලේට යවපු එකද බරපතල වරද? වනෝද්‍යානවල කෙරෙන දේවල් බැලුවහම අහිංසක ගොවීන් අත් අඩංගුවට ගත්ත එක දෙකයි පනහේ වැඩක් .