ටෙක්සාස් පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනකු පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් බවත් පෙබරවාරි මාසයේ ෆ්ලොරීඩාහි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඇතිවූ භයානකම සිද්ධිය මෙය බවත් පැවසේ.
සිද්ධිය සම්බන්ධව එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ටෙක්සාස් පොලිසිය පවසයි. කෙසේ වුවද මියගිය සංඛ්‍යාව පොලිසිය විසින් තහවුරු කර නොමැති අතර තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බව වාර්තා වී ඇත.
පාසල ආරම්භ කරන අවස්ථාවේ ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති අතර ඒ මොහොතේම වෙඩි තැබීම ආරම්භ වී ඇති නමුත් අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වූයේ කෙසේදැයි පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.
හෙලිකොප්ටර් හා ගිලන් රථ යොදාගෙන තුවාලකරුවන් රෝහල් කරා ප්රවාහණය කළ බව ප්‍රදේශයේ ෂෙරිෆ්වරයා පවසයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ සමහර තුවක්කු සහ පිස්තෝල වැඩිහිටි ඕනෑම කෙනෙකුට මිලදී තුවක්කු කඩයකින් ගතහැකි නිසා මෙවැනි වෙඩි තැබීම් වලක්වා ගැනීම කල නොහැකි දෙයකි.
අමෙරිකාවෙ තුවක්කු සංස්කෘතිය කවදාවත් නතර කරන්න බැහැ . මොකද ඔය තුවක්කු හදන කොම්පැණිකාරයින්ගෙන් විශාල බඳු මුදල් හම්බු කරනව අමෙරිකාවෙ රජය . ඒවායින් තමයි අමෙරිකාව දුවන්නේ.
වරක් මා දුටුවා ඇමරිකානු නගරයක ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණු දර්ශනයක්. කාරයක් හතරමං හන්දියක රතු එළියට නවතා සිටිනවිට එතැනට පැමිණි තරුණයෙක් එකවරම පිස්තෝලයක් ඇද එම රථයේ රියදුරාටත් එහි සිටි මගියෙකුටත් එතැනම මැරෙන්න වෙඩිතැබුවා. වෙඩිතැබීමෙන් පසු ඔහු සිනහ වෙවී සිංදුවක් කියමින් ඉවතට ඇවිද ගියේ කිසිවක් සිදු නොවූ ලෙසටයි. තරුණයා පොලිසියෙන් අල්ලාගත් විට ඔහු කීවේ " මගේ අතේ පිස්තෝලයක් තිබුණා. ඔවුන් මගේ ඉස්සරහින්ම හිටියා. ඉතින් මම වෙඩි තිබ්බා " කියායි. උසාවියේදී හෙලිවුනේ එම තරුණයා වසර ගණනාවක සිට මානසික රෝගයකින් පෙළුණ නමුත් වැඩි අමාරුවක් නැතිව ඔහුට ගිණිඅවිය මිලදී ගැනීමට හැකි වූ බවයි.
මොකටද මෙයට ඔබ ත්‍රස්තවාදය කියලා කියන්නේ නැත්තේ...
ඇමරිකාවේ ගොඩක් ඉන්නේ මානසික රෝගීන් තමයි. අනෙක් රටවල් වලට කරන හිරිහැර ඔවුන්ට මෙලෙස පලදීම කනගාටුවට කරුණක්...
මේවා ඇමරිකාවේ, යුරෝපයේ සාමාන්‍ය සිද්ධීන්...
මේකෙ ඔක්කොම ඇමෙරිකාවේ බණින අයට අපේ රටේ වෙන අපරාධ දැකලා නැතිව ඇති.
වෙඩි කෑවත් රක්ෂණ නැත්නම් ඉස්පිරිතාලෙට බාරගන්නේ නැහැ. ඇති නැති පරතරය වැඩි ඇමරිකාවේ රජයේ පාසල් වලට යන සිසුන් අඩු පඩි ලැබෙන රැකියා වලටත් පොහොසත් ළමයි උසස් පාසල් වලට ගොස් මිල අධික විශ්වවිද්‍යාල වලට ගොස් (ඇමරිකාවේ නිදහස් උසස් අධ්‍යාපනය නැත) උසස් රැකියාවල් ලබා ගනී.
බලන්නකෝ දියුණු සහ ප්රජාතන්ත්ර වාදය ඉහවහ ගිය රටවල් වල සිදුවන වැඩ.