බිමල් ශ්‍යාමන් ජයසිංහ
මෝල්සක් රැගෙන නිවසකට කඩා වැදුණු කාන්තාවක් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුට කල පහරදීමකින් අයෙකු මියගොස් අනෙක් අය බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වාද්දුව පෙරගම පදිංචිව සිටි දයාවති ප්‍රනාන්දු 73 යන අයයි.
සැකකාර කාන්තාව සමඟ පහර දීමට උපයෝගි කර ගත් මෝල්ගස පොලිසිය භාරයට ගෙන ඇත.අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ නිවස ඉදිරිපිට මියගිය කාන්තාවගේ නිවස පිහිටා ඇති අතර සැකකාරියගේ දියණිය නිවස තුල සිටින විට ඇති වු ශබ්දය සමඟ ඇය නිවස ඉදිරිපිටට පැමිණ විපරම් කිරීමේදි තම මව නිවස ඉදිරිපිට ගේට්ටුව විවෘත කරගෙන කඩිනම් ගමනින් නිවස වෙත එනු දැක ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණව වී ඇත.
ඒ සමඟම ඇය ඉදිරිපිට නිවසට දිව ගොස් බැලීමේදි තුවාල ලද කාන්තාව හා ඇයගේ වැඩි මහල් සහෝදරිය නිවස සාලයේ මැද ලේ විලක් මැද වැටී සිටි අයුරු දැක වහාම ක්‍රියාත්මක වී ඇයගේ මෝටර් රථයෙන්ම පානදුර මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.
මිය ගිය කාන්තාව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර පැය කිහිපයකින් පසු නැවත පානදුර රෝහලට ගෙන ඒමෙන් මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .අනෙක් කාන්තාව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ අය මිනිස්සුද?
මෝල්ගසක් උස්සගෙන ගිහිල්ලා දෙන්නෙකුට බරපතලව තුවාල වෙනකම් තඩිබාන්න හොඳ ශරීර ශක්තියක් තියෙන්නේ ඕන. කොහොම උනත් දැන් ඉතින් අවුරුදු 20ක් වත් හිරගෙදර කූරු ගණන් කරන්න වෙනවනේ.