ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී අතුරුදන් වූවා යැයි කියන පුද්ගලයින් 280 ක ගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අබවිය අද (18) වාර්තා කළේය.
2009 දී මෙරට පැවති සිවිල් යුද්ධයේ අවසන් දින කිහිපයේදී මෙම පුද්ගලයින් අතුරුදන් වී ඇතැයි පැවසෙන අතර ඉන් 29 දෙනෙකුම කුඩා දරුවන් බවද ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය විසින් හෙළිදරව්ව කර තිබේ.
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය වෙබ් අඩවිය මඟින් මෙම 280 දෙනා ගේ නම් ඉංග්‍රීසි සහ දෙමළ භාෂා වලින් ප්‍රසිද්ධිය පත් කර ඇති බවද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
මෙම පිරිස් බලහත්කාරයෙන් අතුරුදන් කර ඇතැයි සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා සඳහන් කරන බවද ටැමිල් ගාඩියන් වෙබ් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
එම සිවිල් යුද්ධයේ අවසන් යුද්ධයේදී මෙවැනි බරපතල සිද්ධීන් ගණනාවක්ම සිදු වූ ඇති බවත් මේවා සියැසින් දුටු පිරිස් සිටින හෙයින් ඊට වගකිවයුතු නිලධාරීන්ගේ වහා ප්‍රශ්න කළ යුතු බවද ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව කියා සිටින්නීය.
මේවා ගැන වහා විමර්ශනය කළ යුතු බවට තම ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට මේ වන විට ලිඛිත දන්වා ඇති බවත් ඔවුන් මේ දිනවල විමර්ශන ආරම්භ කර ඇති හෙයින් තම ව්‍යාපෘති විසින් හෙළි කරනු ලැබූ 280දෙනාගේ අතුරුදන්වීම් වලට අදාළව පරීක්ෂණ ආරම්භ කළ යුතු බවද යැස්මින් සූකා මහත්මිය කියා සිටින්නීය.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදන් වූවන්ගේ බොහොමයක් කැනඩාවේ කට්ටියක්... ඕස්ට්‍රේලියාවේ ඉතිරි කීපදෙනා වලපල්ලේ..
මේ අයගෙන් වැඩි දෙනා විදේශ රටවලට හොර රහසේ බෝට්ටු මගින් සංක්‍රමණය වී වෙනත් නම් වලින් සරණාගත භාවය ලබා දැන් පුරවැසිභාවයද ලබා ඇතිබැවින් ඔවුන් පිළිබඳ සත්‍ය තොරතුරු සොයාගත නොහැකිය. නමුත් ඔවුන්ගේ පවුල්වල අය මේ බව හොඳින් දන්නවා. එසේම හමුදාවන්ට මඩ ගහන්න ඕනෑ නිසා සහ දේශපාලකයන්ගේ සහ අන්තවාදීන්ගේ බලපෑම මත ඇත්ත හෙළිකරන්නේද නැත.
ලංකාවේ දන්නා තරමින් උතුරේ ත්රස්තවාදයක් මිස සිවිල් යුද්ධයක් තිබුණේ නැත. සිවිල් යුද්ධයක් තිබුනේ නම් ප්රභාකරන් යනු සිවිල් වැසියෙකි. සයනයිඩ් කරල් එල්ලාගත් මිසයිලවලින් ක්ලේමෝවලින් ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදියෙකු නොවේ. එසේම බින් ලාඩන්ද සිවිල් වැසියෙකු විය යුතුය. ලංකාවේ තිබුණේ සිවිල් යුද්ධයක්ද ත්‍රස්තවාදී යුද්ධයක්ද, යන්න කිසිවෙක් නොදන්නා කරුණක් වී ඇත. මාධ්‍යයද එය හරි හැටි නොදැනීමද කණගාටුවට කරුණකි. මක්නිසාද යත් එක් පුවතක ත්‍රස්තවාදය තව පුවතක සිවිල් යුද්ධයක් වන බැවිනි.
යස්මින් සුඛි කියන්නේ ඩයස් පෝරා සල්ලි වලට කහින කෙනෙක්. මෙයාගේ බැංකු ගිණුම් පරික්ෂා කළාම දැන ගත හැකි මෙයා නටන නාඩගම. අනික මෙයාගේ වත්කමුත් සොයා බැලිය යුතුයි. මේ බොරු චෝදනා වලට නඩු දාලා මේ වගේ ජාත්‍යන්තර අය හිරේ යවන්න ඕනෑ.
මේ අතුරුදන් වූ බව කියන බොහෝ පිරිස් විදේශ රටවල ජීවත්වන බව අපි දනිමු. කුමාර් ගුණරත්නම් අතුරුදන් වූ ලෙස තමයි ප්‍රසිද්ධ කලේ. නමුත් පසුව ගමන් බලපත්‍ර කිහිපයක් විවිධ නම් භාවිතා කරමින් සිටි බව හෙළිවිය. ඔහුද ඕස්ට්‍රේලියාවේ සිටි බවට හෙළිවූ දෙයයි. ඒ වගේ දෙමළ ඩයස්පෝරාවේ පිරිස අතුරුදන් වූ ලෙස රඟපාන පිරිසක් බවද කිව යුතුයි. මේ අයට රටක් ගැන හැඟීමක් නැත. බොරුව වපුරයි...
දකුණු අප්‍රිකාවේ වර්ණ භේද සටන් උච්චව තිබූ අවධියේ අතුරුදහන් වූ ලක්ෂ ගණනක් ගැන කතා නොකරන්නේ ඇයි?