(බිඟුන් මේනක ගමගේ)
පාසැල් හයදහසකට දෙමළ භාෂා ගුරු හිඟයක් පවතින්නේ යැයි ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පැවසීය.
සංහිඳියාවකට යන ගමනේදී මෙවැනි කරුණු බරපතල ලෙස සැලකිය යුතු යැයි කී හෙතෙම මෙම අඩුපාඩු නැතිකිරීම සඳහා අදාළ අංශ සමඟ කඩිනමින් සාකච්ඡා කරන්නේ යැයි කීය.
මීට අමතරව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (නිලෙට්) භාෂා විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන්නේ යැයි ද එමගින් භාෂා අධ්‍යාපනය පිළිබඳ නිසි ප්‍රමිතියක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන්නේ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් ඉන්දියාවෙන් ලක්ෂ ගණනින් ඉල්ලුම්පත් සූදානම් කර ගෙන ඇති..
එතකොට සිංහල උගන්වන්න උතුරු සහ නැගෙනහිර පාසල්වලට ගුරුවරු යෝදලද තියෙන්නේ? සංහිඳියාව තියෙන්නේ මහා ජාතියේ භාෂාව අනෙකුත් ජනවර්ගවල අයත් ඉගෙනගත්තොත් විතරයි. බොරුවට සංහිඳියාව කිය කියා අපිව ගොනාට අන්දන්න එපා.
දෙමළ ඉගෙනගෙන පිටරට රැකියාවක් සොයාගන්න බැහැ. අපේ ළමුන්ට හොඳට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. එවිට රැකියාව මෙරට හෝ පිටරට...
ඔය වතුවල දැනට කුලී වැඩ කරන පිරිස අතරෙන් කාට කාට හරි ගුරු පත්වීම් දෙන්න. නුගත් වුනත් ඕනෑම දෙමල මිනිහෙකුට දෙමල උගන්වන ගුරුවරයෙක් වෙන්න පුළුවනි. මේ කළුතර පැත්තෙත් ඒ වගේ බොහොම සාර්ථක දෙමල ගුරුවරයෙක් ඉන්නවා. ඒ `සර්` මහත්තයගේ පවුලේ කවුරුත් වගේ දැන් දෙමල උගන්වන ගුරුවරු!