(සිරංගිකා ලොකුකරවිට)
"මියගිය පුද්ගලයන් සැමරීම අපිට නවත්තන්න පුළුවන් දෙයක් නොවෙයි. යුද්ධයේදී මියගිය හමුදාවේ අය සමරනවා වගේම උතුරු හා නැගෙනහිර පළාත්වල අය යුද්ධයේ දී මියගිය තමන්ගේ ඥාතීන්, හිතවතුන් සහ අනෙක් පිරිස් සමරනවා. මෙය නවත්තන්න බැහැ." යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) දිසාපති සමුළුව අතරතුර පැවති මාධ්‍ය හමුවේදී අදහස දක්වමිනි.
දිසාපති සමුළුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සහ අද (18) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විණි.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
"ජාතීන් අතර ඇතිවන අනවබෝධය නිසා වරින් වර ලෝකය පුරා විවිධ ගැටුම් ඇතිවනවා. අපේ රටේත් ඒ වගේ දේවල් සිදුවුණා. 1971 කැරැල්ලක් ඇතිවුණා. 88 හා 89 කාලයේ නැවත ප්‍රශ්නයක් ඇතිවුණා. උතුරු හා නැගෙනහිර 30 අවුරුදු යුද්ධයක් තිබුණා. මේ සියල්ලෙන් පසුව සමාජය සුවපත් කරන්න කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් අදටත් යම් යම් අය විවිධ ප්‍රකාශ කරනවා. 1971 කැරැල්ලේ දී මියගිය අය විරුවන් ලෙස සමරන්නේ කොළඹ තියෙන හොඳම උද්‍යානය වන විහාරමහා දේවී උද්‍යානයේ.
88 හා 89 කාලයේ මියගිය දේශප්‍රේමී යැයි කියාගන්නා අය දේශපාලන පක්ෂ වලින් සමරනවා. උතුරු නැගෙනහිර යුද්ධය නිසා අපේ හමුදාවේ ජීවිත නැතිවුණා වගේ ම ඒ ප්‍රදේශවල විශාල පිරිසකගේත් ජීවිත නැතිවෙලා තියෙනවා. එවැනි මියගිය අය සැමරීම ස්වභාවිකයි. යුද්ධය තිබුණු කාලයේත් පැවැති රජයන් ඒ ප්‍රදේශවල ජනතාව ගැන සොයා බැලුවා. ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න හැකිතරම් කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඖෂධ ඇතුළු වෙනත් පහසුකම් හැකිතරම් ලබාදුන්නා. ඔවුන්ගේ ආගම අදහන්න නිදහස දුන්නා, ඔවුන්ට රැකියා කරන්න වැටුප් ලබන්නන අවස්ථාව ලබා දුන්නා. ඉතින් දැන් අපේ රජයත් මේ දේවල් කළ යුතුයි. ඔවුන්ට නිදහස දිය යුතුයි. මේ තත්ත්වය අප තේරුම්ගත යුතුයි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් රජය විසින් මියගිය රණවිරුවන් සැමරීමත් කලයුතුයි. යුද්දයෙන් මියගිය විරුවන් රජයේ හමුදාවේ සෙබලු. ඒ නිසා එම විරුවන් සැමරිය යුතුයි රජයේ මැදිහත්වීමෙන්..
ඔයාලට කොහොමත් බැහැ කියලා අපි දන්නවා. ඔක්කොම බැහැ තමයි.
ඇත්තටම ඔයාලට මොනවද පුළුවන් මේවා ඇරෙන්න?
බණ්ඩාර මයා වෙත, මේ ඉන්නේ "කෙසෙල් බඩවලින් කොන්ද" නිර්මාණය වී ඇති බඩගෝස්තරවාදී අම්බරුවන් බැවින් එවන් අයගෙන් වෙන කුමක් ලක්මව බලාපොරොත්තු වෙන්නද..?
නමුත් ත්රස්තවාදීන් සැමරීම නතර කළහැකියි. එ්කට නීති තියෙනවා. යුරෝපයේ, ඇමෙරිකාවේ හිට්ලර්, නාසීන් සමරන්න දෙන්නේ නැහැ.
මේකෙ ප්‍රශ්නෙ තියෙන්නේ ත්‍රස්තවාදීන්ව සමරන එකයි.
ඔයාලට මොනවද පුළුවන් අප්පා...?
දැන් මෙසේ කියවන්නේත් අපගේ විරෝදාර රණවිරුවන් ජීවිත පූජාවෙන් ලබාදුන් නිදහසින් බව මේ හිඟන්නන්ටත් අමතක වී ඇත. මව්බිම වෙනුවෙන් පොරණේ... දිවිදුන් විරු දරුවන්නේ... ලේ වලිනුයි ඒ දෙරණේ... මිණි කැට මුතු ඇට මැවුනේ...
ජය සැමරුම නවත්තන්න පුළුවන්...
නෑ පුළුවන්... ගෝඨා හිටියා නම් පටන්ගන්න හිතන්නේවත් නැහැ.
එකල... ජේ.වී.පී. එකත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කල තිබුණා. එ්ත් ඒ සහෝදරයෝ තමා මියගිය නායකයා සමරන්නේය...
මිනිස්සු ආයුධ අරන් යුද්ධ කරන්නේ තම කුමක් හෝ අරමුණක් ඉෂ්ඨ කර ගන්න. එය හරි හෝ වැරදි වන්නේ දකින අයගේ දෘෂ්ටියේන්. හැබයි සාමකාමීව කාටවත් හිංසා නොකර තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ නොදුන්නොත් ඔවුන් ආයුධ ගැනීම සාධාරණීකරණය කරන්න පහසුයි. අපට කන් නොදෙන නිසා අපිට ආයුධ ගන්න වුනා කියාවි. අප පරාජය කළ යුත්තේ අදහසුයි. හැබැයි ඒ ඔවුන් යට කර ගැනීමෙන් නොවෙයි. ඔවුන් හා අපි සමාන මනුස්සයන් බවත් අප අතර සහෝදරත්වයෙන් සිටීමට ඉඩ ඇති බවත් ඔප්පු කරමින්.
මේ සමරන්නේ යුද්ධයෙන් මියගිය දෙමල කොටින්ව මිසක් සංය ජනතාව නෙවෙයි.
කොටින්ට හුලන් ගහපු නිවට දේශ පාලුවන් තමන්ගේ නිවට කම පෙන්වයි.ත්‍රස්ත වාදීන්ට උදව් කරමින් රණ විරුවන් විනාශ කරයි.
ඔය බණේ චන්දෙ ඉල්ලනකොටත් ප්‍රසිද්ධ වේදිකාවේ කියන්න.
වජිර අබේවර්ධන මහතාට, හැමෝම කටවහගෙන ඉන්න මේ වෙලාවේ ඔබතුමා ඇත්ත කතා කිරීම ශ්‍රේෂ්ඨයි. මගේ පුතා කොටියෙක් නම් මෙරුණාම මට දුකයි. මම දුක්වෙනවා එ්කයි ඇත්ත. ප්රභාකරන් ත්රස්තවාදියා, මැරුණ එක සිංහල අපි විතරක් නෙවෙයි සමහර දෙමළ මිනිස්සුත් කැමැතියි. ත්‍රස්තයින් මැරුවට අපි මෙහෙ සතුට සමරන්නයි තියෙන්නේ.
නමුත් ලබන ඡන්දෙදී ඔබ පාර්ලිමේන්තු එන එක අපට නතර කරන්න පුළුවන්..
දෙමලූන්ගේ අළුත් සෙල්ලම තමයි බොරුවට රඟපාලා ජාත්‍යන්තරයේ අවධානය ගන්න එක... එහෙම කරලා හදන්නේ බටහිර මාධ්‍යය, මිනිස්සු, දේශපාලකයන් ලවා ලංකාවට පුළුවන් තරම් පීඩනය දාලා ලංකාවෙන් භාගයක් කඩාගන්නයි. තමන්ට අයිතිනැති රටකින් කොටසක් කඩාගන්න එක අනුමත කරන්න බෑ. අනික මේකේ දෙමළ උදවියට ජීවත් වෙන්න කිසිම බාධාවක් නෑ. මොකද මේක ප්‍රජාත්‍රන්තවාදී රටක්. එහෙම රටක් බෙදන්නේ මොකටද? ඔච්චරටම තමන්ට කියලා රටක් ඕනේ නම් තමිල්නාඩුවෙන් ඕක ගන්න තිබ්බනේ මොකටද මේ සිංහල රට බෙදන්න හදන්නේ? මේක සිංහල බෞද්ධයාගේ රටක්. මේක අපි අනෙක් ජාතීන් එක්ක සමගිව බෙදාගෙන තියෙන්නේ. එහෙම රටක් වනසන්න ඉඩ දෙන්න බෑ.