( දිල්රුක්ෂි ග්‍රේරු )
කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී අය කෙරෙන ගාස්තුව ගෙවීමට අතපසු වූ රියදුරන්ට ඉන් අනතුරුව ගෙවීමට සිදු වන දඩ මුදල් ගෙවීම මින් ඉදිරියට අවලංගු කරන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගරසභා කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
කොළඹ මහ නගර සභාවේ මීළඟ රැස්වීම් වාරයේදී මෙම යෝජනාව සම්මත කරගැනීමේ බලාපොරොත්තුව මත නගරාධිපතිනිය විසින් මෙම දැනුම්දීම කරනු ලැබ ඇත.
වාහන ගාල් කිරීමේ දඩමුදල් ගෙවීමේදී පුද්ගලයින්ට සිදු වු අපහසුතා පිළිබඳව ලැබුණු පැමිණිලි සලකා බලා මින් ඉදිරියේදී මුදල් ගෙවීමේ අතපසු වීමක් සිදු වුවහොත් දඩ මුදල් අය කර නොගැනීමට නගරාධිපතිවරිය මෙම අනුමැතිය ලබා දී තිබේ.
වැල්ලවත්ත ගාලුපාරේ රථ වාහන නැවැත්වීම සඳහා වෙන්කර ඇති තීරුවක රථය නැවැත්වීම වෙනුවෙන් රුපියල් 30 ක ගාස්තුවක් ගෙවීමට අතපසු වූ පුද්ගලයෙකුට දින 13 ක කාලයක් ගත වූ පසු දඩය වශයෙන් රුපියල් 10,120 ක මුදලක් ගෙවීමට සිදවූ තිබූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කළේය.
එම සිද්ධියත් ඒ හා සම්බන්ධ අනෙකුත් පැමිණිලිද සලකා බලා නගරාධිපතිනිය විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ගාල් කරන්න කලින් කොළඹට එන මිනිස්සුන්ට වැසිකිළි පහසුකම් ඕනේ. රත්රන් කොමෝඩ් හයි කරපු ලක්ෂ 57 ඒවා නෙවෙයි මිනිස්සු ඉල්ලන්නේ. රාජකාරියක් කරගන්න කොළඹ ආවාම ප්‍රධාන ස්ථාන අවට පොදු වැසිකිලි පහසුකම් සහ සනීපාරක්ෂක සේවා... වාහනයෙන් නෙවෙයි පුද්ගලික ජෙට් එකෙන් කොළඹ ආවත් වැඩක් නැහැ. අවශ්‍ය මූලික පොදු පහසුකම් කොළඹ නගරයේ නැති නම්....
ඔන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ... මිනිස්සු කවදාවත් නීතියට බය වෙන්නේ නෑ මේවගේ දේවල් වලින්.
අලුත් වැසිකිළියට ගියාම හොඳ අදහස් එනවා වගේ ..
අහන්නත් දෙයක්ද? මිනිස්සු වැසිකිළි සොයමින් කොළඹ නගරයේ කල් මරනවිට, වාහනේට දඩ වැටෙනවා කියලා...
වැසිකිළිය හැදුවාම මොන වගේ ටිකිරි මොළයක් පෑදේවිද දන්නේ නැහැ...
මේ අය කන්නේ රත්තරන් පිඟානේ... වැසිකිළි යන්නේ රත්තරන් කොමෝඩ් එකකට...
ගාස්තු අය කිරීම අසාධාරණයි. 30/- ගෙවන්න බැරි නම් එක 20 කරන්න ඕනි. 20 ගුණාකාර වලින් තිබ්බා නම් වඩා පහසුයි. 30/- නියම කරලා වැඩි ලාභයක් උපයන්න සමාගම කටයුතු කරනවා. ඔය නොම්බර වලට කතා කරන්නත් අපේ මුදල් යන්නේ, එයාලගේ දුර්වලතාවයක් දැනුම් දෙන්න ඕනෑ අපේ සල්ලි වියදම් කරලා. තවද , ලංකාවේ ප්‍රවාහන සේවය දියුණු කරන්නේ නැතුව ඔය මොනවා කළත් වැඩක් නැහැ. මිනිස්සු වැඩි වෙන විදියට දුම්රිය සහ සීටීබී එකේ වැඩි වෙන්න ඕනෑ. නමුත් සිදුවන්නේ අඩු වෙන එකයි. හැමෝම වර්ජන කරන්නේ තමන්ගේ පඩියට, සේවය දියුණු කරන්න හිතන්නේ වත් නැති පාලකයින් සහ සේවකයින් ඉන්න රටක් මේක...
කොළඹ වාහන පාක් කීරීමේ ක්‍රමය අන්ත දූෂිත ඡාවාරමක්... පාකින් ඉඩ තමන්ගේ ගෝලබාලයින්ට අතයට ගනුදෙනුවට පවරා දී තමන්ට ආදායම් උපයාගැනීමේ ව්‍යාපාරයක බලධාරීන් යෙදී සිටියි.