අමදෝරු අමරජීව
මුලතිව් - වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදි මියගිය අයවලුන් සිහි කිරිමේ උත්සව කහිපයක් අද (18) පස්වරුවේ ත්‍රිකුණාමලයේ විවිධ ස්ථානවල පැවැත්විනි.
අවසන් සටනේදි මියගිය දෙමළ වැසියන් සමරා එක් උත්සවයක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබලාගාර මාවතේ පිහිටි විශ්ව නාද ස්වාමි සිවන් කෝවිල අභියසදි පැවැත්විනි. එම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.තුරෙයිරත්නසිංහම් මහතා ඇතුලු දෙමළ සන්ධාන නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ඥාතින් එක්වුහ.
මේ අතර වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදි මියගිය හමුදා සාමාජිකයන් සිහිකර ත්‍රිකුණාමලය නගරයේ ඔරලෝසු කණුව වටා පහන් දැල්වීමක්ද සිදුකළේය.
මරතඩිය වට රවුමේ හමුදා සාමාජිකයන් සිහිකර පහන් දල්වනු ලැබීය.ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව වටා පහන් දැල්වීමට තොග මාලු වෙළඳපොල ව්‍යාපාරිකයෝ එක්වි සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන් වුණත් තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටින මොවුන් සැබෑ දේශපාලකයින්... ත්රස්තවාදීන්ට විරුද්ධව සටන් කරපු අපේම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න බැරි නිවටයින් පත්කරපු සිංහල මිනිසුන්ට මේවා හොඳ පාඩම්...
ජාතින් වශයෙන් බෙදි සිටිමුද? එක්වී අතීතය අමතක කර ඉදිරියට යමුද? ජපානය පර්ල් වරායට බෝම්බ දමා ඇමරිකාවේ ගරුත්වය විනාශ කලේය. ඇමරිකාව ජපානයට පරමාණූ අවිහෙලා මිනිසුන් දහස් ගනන් මරා දැම්මයෙය ඒත් අද අතිශය මිත්‍ර රටවල් දෙකකි. ජර්මනිය දෙවන ලෝක යුද්ධයේදී නැගෙනහිර යූරෝපයේ රටවල් විනශ කලේය. රැසියාව ආක්‍රණය කලේය ඒත් අද මිත්‍රව සිටිති. නහීවේරේන වේරානි යන බුදුවදන අදහන්නේ කතොලික සුද්දන්ද ? බෞද්ධ අපිද? ඇයිමේ සදාකල් පවතින වෛරය?
රටක් ගැන නොහිතන දේශපාලකයින් හෙළා දකිමු. කොටි ත්රස්තවාදීන් සහ සම්බන්ධන්ලා අතර වෙනසක් නැත. රනිල්ලා, සිරිසේනලා මේවා ගැන නොදන්නා සේ ජනතාව නොමග යවමින් මේ රට විනාශ කිරීමේ න්‍යාය පත්‍රය අතටගෙන විදේශිකයින්ගේ සහ කොටි ඩයස්පෝරාවේ රූකඩ වී ඩොලර්වලට යටවී කටයුතු කරති. රටක් ගැන නොහිතන මේ නරුමයින් පලවා හැරිය යුතුය.
යුද්ධය කාලයේ එ්කට මාධ්‍යයෙන් දුන් පුෂ් එක වගේම යුද්ධය ඉවරවුනාට පස්සේ කරන්න තිබුනේ සියල්ලන්ගේ සිත් නිවීම් පිණිස පුවත් පළකිරීමයි.. ජනයාගේ හදවත් සන්සුන් කරන්නත්, අනෙකා පිළිබඳ සංවේගයක් සහ කම්පනයක් ඇතිකරන්නයි. එය එසේ කෙරුවා නම් අපි අද මේ විඳින දුක් වේදනා සියල්ලම නැතිව ගොස් සැහැල්ලු සිතකින් ජීවත්වීමේ අවස්ථාවක් උදාකරගන්න තිබුණි. ශ්‍රී ලංකික ජාතියක් හැටියට අපිට සැහෙන්න ඉදිරියට යන්න තිබුණි. එ්ත් අද අපි හැමකෙනෙක්ම මානසික රෝගවලට ගොදුරුව අතිශයින් වදවේදනා විඳින බව පෙනේ... අනෙක් කරුණ නම් සූකර දේශපාලකයන් හා ජනයා අතරේ තිබෙන සම්බන්ධය හැකිතාක් දුරස් කරන එකයි..