රඟ දක්වා විරෝධය පාති රජයට එරෙහිව විරෝධය පළ කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ තරුණ තරුණියෝ සම්ප්‍රදායික සටන් පාඨ විරෝධතාපුවරු ප්‍රදර්ශනය කිරීම වෙනුවට නාට්‍ය රඟදක්වමින් මහනුවර දළදාවීදියේදී විරෝධය ප්‍රකාශ කළහ. . 08 May 2022
අනුරාධපුර ගිය අගමැතිට විරෝධයක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇත. 08 May 2022
හොර රියදුරු බලපත්‍ර සමග අයෙක් මාට්ටු ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකසා තෙල්දෙණිය ප්‍රදේශයේ බෙදා හැරියේය යැයි කියන පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර 20ක් සමග අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 08 May 2022
ඇමැති අමරවීරගේ නිවෙසට මල්වඩමක් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි. 08 May 2022
වෛද්‍යවරයෙක් ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාර නොදී ආපසු යවයි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කමින් ඔහු ආපසු හරවා යැවු සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි. 08 May 2022
නාවින්නෙන් හයිලෙවල් පාර වැහෙයි ලිට්රෝ ගෑස් නොලැබීමට විරෝධය දක්වමින් පාරිභෝගිකයන් පිරිසක් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් වසා විරෝධයක නිතර වීම නිසා 138 බස් මාර්ගයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. 08 May 2022
අද සවස තැනින් තැන තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 May 2022
‘‘ශ්‍රී ලංකාවට ජල ප්රහාරයක රථයක් දී නෑ‘‘ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම් යටතේ ජල ප්‍රහාරක රථයක් ආනයනය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 08 May 2022
දුම්රියෙන් වැටී මැරුණැයි කී අය භූම දානයට පසු දා ගෙදර ඇවිත් දුම්රියකින් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කොට දිනකට පසුව මිය ගියේ යැයි සිතූ 72 හැවිරිදි පුද්ගලයා ගාලු මුවදොර උද්ඝෝෂණයට ගොස් නිවෙසට එද්දී ඔහුගේ සොහොයුරා සහ අසල්වැසියන් බියටත් පත්වී මේ සිද්ධියක් ගම්පහ, ඔරුතොට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 08 May 2022
පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පවසයි. 08 May 2022
‘‘ළමයින්ට හිංසන නවත්වන්න‘‘ විරෝධතා අතරතුර ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින බව [07] යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 08 May 2022
සජබේ විශ්වාස භංගයට සහාය දෙන්න 41 කණ්ඩායම සූදානම් සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 07 May 2022
නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට රට තුළ දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති අවස්ථාවක විරෝධතා විසුරුවා හැරීම සඳහා විශේෂ කාර්ය බලකායට සුදු පැහැති නවීන ජල ප්‍රහාරක රථයක් ගෙන්වා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා වල ඡායාරූප සහිතව ප්‍රචාරය වේ. 07 May 2022
ගාලු මුවදොර කසාවතින් බැබලෙයි 74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ. 07 May 2022
ත්‍රෛනිකායික මා නාහිමිවරු අප්‍රසාදය පළ කර තවත් ලිපියක් යවති ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් පැවසූ කිසිවක් මෙතෙක් සම්පාදනය නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ලිපියක් යොමු කොට තිබේ . 07 May 2022
මෛත්‍රීගෙන් සජිත්ට අනුරට ඇරයුමක් සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතට ඇරයුමක් කර ඇත. 07 May 2022
විරුද්ද අයට මුලින් විරෝධයට අවස්ථාව දුන් හේතුව රනිල් කියයි සිරිකොතට පැමිණ ඕනෑම මොහොතක තමා හමුවිය හැකි බව තම නිවස අසලට පැමිණ විරෝධතා දැක්වූ පිරිසට දැනුම් දුන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 May 2022
ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි 07 May 2022
අර්බුදය විසඳන ජාතික වැඩසටහනකට සජබ කැමැත්ත දෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව දැනට රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කළ බව සමගි ජනබලවේගය නිවේදනය කරයි. 07 May 2022
පළාත් පාලන ප්‍රධානීන් අගමැතිට යන්න එපා කියයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පළාත් පාලන නියෝජිතයෝ කියති 07 May 2022
‘සෙංකෝලය පැහැරගැනීමට යාම ගැන විශේෂ අවදානය‘ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය පැහැරගෙන පාලිමේන්තුව අවට උද්ඝෝෂණකරුවන් රැඳී සිටි ස්ථානයකට රැගෙන යෑමේ උත්සාහයක් තිබී ඇතැයි රජයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විශේෂ අවධානය යොමු කර ඇත. 07 May 2022
පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක ඉවතට පාර්ලිමේන්තු අවට මාර්ගවල ආරක්ෂක හේතූ මත හදිසියේ ස්ථාපනය කෙරුණු මාර්ග බාධක අද පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ මාර්ග විවෘත කර ඇතැයි වාර්තා වේ. 07 May 2022
නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක් සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 May 2022
ආණ්ඩුව පිහිටුවන්න සජිත් නාවොත් කැරලිකරුවෝ සූදානම් අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. 07 May 2022
‘ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 සදුදා එනවා පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000 ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 07 May 2022
ඉන්ධන කැණීමේ ප්‍රමාදය ගැන කෝපා කමිටුවේ නොසතුට මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ( කෝපා ) විශේෂ අවධානය යොමුවිය. 07 May 2022
අලුත් බදු රොත්තක් ළඟදීම මැතිසබයට රජයේ ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස විශේෂ බදු වර්ග ගණනාවක් අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය. 07 May 2022
ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන් නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 May 2022
බඹරු ඇන 9 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (07) එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 09 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 07 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026