‘‘ආණ්ඩුවන් කරගත් අමනෝඥම ක්‍රියාව කරගත්තා‘‘ ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා බරපතල, අමනෝඥ ක්‍රියාවක් කරගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 09 May 2022
රාජපක්ෂ යුවළගේ ස්මාරක කඩා දමයි මැදමුල හන්දියේ ඉදි කර ඇති ඩී.ඒ.රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂ මහත්මිය ස්මාරක කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
අරලියගහ මන්දිය අසල පිරිසකට කඳළු ගෑස් අරලියගහ මන්දිය අසලට රැස්ව කලහකාරිව හැසිරෙන පිරිස් ඉවත් කිරීම සඳහා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කරයි 09 May 2022
එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 May 2022
’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලාස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය. 09 May 2022
‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘ රටේ ජනතාවගේ නිදහස, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් තමන් ගෙන යන සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (9) විශේෂ ප්‍රකාෂයක් සිදුකරමින් පැවසීය. 09 May 2022
කුරුණෑගල නගරාධිපතිගේ නිවෙසට ගිනි තබයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 09 May 2022
අතරමඟදී දේශපාලකයන් ගුටි කති දිවයිනේ නගර රැසක දී දේශපාලානාඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රදේශීය දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සිටි පිරිසක් කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට තරුණ අරගලකරුවෝ පිරිසක් කටයුතු කළහ. 09 May 2022
පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය හෙට (11) බදාදා තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (9) තීරණය කළේය. 09 May 2022
අගමැති ඉල්ලා අස්වෙයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 09 May 2022
ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත් රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි 09 May 2022
ඇමෙරිකාවත් ප්‍රහාරය හෙළා දකී සාමකාමී විරෝධතාකරුවන්ට අද එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සඳහන් කරයි. 09 May 2022
ගැටුමින් තුවාලවුවන් ඉහළට කොළඹ ගාලුමෝදර ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 28 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්රකාශිකාවක් පැවසුවාය 09 May 2022
අරගල භූමියට ජන ගඟක් ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තා කරුවෝ පවසති. 09 May 2022
ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක් ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැලකෙමින් සාමකාමීව සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අර්බුදය විසඳීමට එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය. 09 May 2022
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවිය යුතුයි රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 09 May 2022
සෞඛ්‍ය හැර සියලු අංශ වැඩ වැරුමකට සැරසෙයි සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. 09 May 2022
මහනුවර ගෝඨාගමටත් ප්‍රහාරයක් ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන ගිය විරෝධාවට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. 09 May 2022
නැවත දැනුම්දෙනතුරු රටටම ඇදිරිනිතිය ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇදිරිනිතීය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 09 May 2022
පොදු පෙරමුණේ ආධාරකරුවන් රැගෙන ආ බස් රථවලට ප්‍රහාරයක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද කොළඹට ආධාරකරුවන් රැගෙන ආ බස් රථ කීපයකට කොළඹ ස්ථාන කීපයකදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
ගාලු මුවදොරට යුද හමුදාව කැඳවයි ගාලු මෝදර පිටිය අවට ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව කැඳවා ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි බස්නාහිර පළාතට නැවත දැනුම් දෙනතුරු පොලිසිය ඇදිරි නීතිය පැන වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 09 May 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 09 May 2022
කොළඹ තැන් කිහිපයකට ඇදිරීනීතිය කොළඹ උතුර, කොළඹ දකුණ සහ මැද කොළඹ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ. 09 May 2022
සජිත්ට ප්‍රහාරයක් විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි. 09 May 2022
අරගල භූමියේ තුවාල ලැබූ 15ක් රෝහලට මයිනාගෝගම සහ ගෝඨා ගෝගම නිර්පාක්ෂික විරෝධතා භූමියට කඩා වැඳුණු විරෝධතාකරුවන් පිරිසක් එල්ල කර මැර ප්‍රහාරයට ලක් වු 15 දෙනකු තුවා ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
යෝෂිත - බිරිය සිංගප්පූරුවට අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ . 09 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026