(අයි ආර් ඉන්දික)
පවතින ඉන්ධන හිඟය නිසා රෝහල් කාර්යය මණ්ඩලයට රෝහල වෙතට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව එම රෝහල වසා දැමු බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි.
අත්‍යාවශ්‍ය සේවාවක නිරතවන රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්යය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකිව අපහසුතාවයට පත්වී සිටිම ඊට හේතුව බව ද එම ප්‍රකාශකයි පවසයි.
ළමා රෝග වෛද්‍යවරයා ඉන්ධන ලබාගන්න පැය 17ක් පොලිමේ ඉඳලා තියෙනවා. දෛවද්‍යවරුන් ගෙන්වාගන්න විදිහක් නෑ. ඇතැම් වෛද්‍යවරුන් සේවයට ගෙන්වගන්න බස්එකේ තෙල් යවන්න සිාද්ධවෙලා තියෙනවා. රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 75%කට අධික පිරිසකට සේවයට වාර්තා කරන්න එන්න ඒ අයට අවශ්‍ය ඉන්ධන නෑ .
නිල ඇඳුමෙන් සහ අනන්‍යතාවය තහවුරු කරලා ඉන්ධන ලබා ගැනීමට ගියත් ද ඉන්ධන පිරහුම්හල් අසල සිටින ජනතාවගෙන් ඒ සඳහා ප්‍රමුඛතාවයක් හෝ අවස්ථාවක් ලබා දෙන්නේ නෑ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට යන්න ඉන්ධන ලබාදුන්නට රෝගීන් කොහොමද රෝහලට එන්නේ ඉන්ධන නැතිව...?
සෞඛ්‍ය අංශවලට ඉන්ධන ලබාදීමට යම්කිසි ප්රමුඛත්වයක් ලබාදිය යුතු වුණත් මෙතන සිද්ද වෙන්නේ සේවයට පැමිණීමට පුළුවන් කමක් තියෙද්දී එන්නේ නැති එක. මෙයාලා පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේම නෑ. ඉන්ධන යවන්න බස් තියෙනවා නම් වැඩට එන්න බස් නැද්ද?