වටරැක රැඳවියන් ගාලුමුවදොර ආවාදැයි විමර්ෂණයක් ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගි කරවූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ෂණයක් ආරම්භ කරන බව එම කොමිසමේ නිලධාරියෙක් අද (11) පැවසීය. 11 May 2022
ගාලුමුවදොර ප්‍රහාරය ගැන ප්‍රකාශ ගනී අරලිගහ මන්දියර සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ උත්සවයේ සම්බන්ධීකාරක සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2022
සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 11 May 2022
චීන ජනාධිපති අසනීපෙන් චීන ජනාධිපති ෂී ජින්පින්, මොළයේ රුධිර නාළ ඉදිමීමේ ’මස්තිෂ්ක ධමනි ප්‍රදාහය’ හෙවත් සරේබ්රල් ඇනියුරිසම් නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 May 2022
පාර්ලිමේන්තුව කැඳවීම මන්ත්‍රී ආරක්ෂාව තහවුරු කළ පසු පාර්ලිමේන්තු රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 11 May 2022
ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි. 11 May 2022
මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත. 11 May 2022
හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (11) පැය 3 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය පැවසීය. 10 May 2022
මීගමුව කළබලයකින් 4ක් රෝහලට මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයට අද 10සවස කඩා වැදුනු මැර කල්ලියක් ප්‍රදේශවාසීන්ට තියුණු අවි ප්‍රහාර එල්ල කර විවිධ වාහන පහළොවකට පමණ ගිනි තබා විනාශ කර ඇතැයි කටාන පොලිසිය කියයි. 10 May 2022
ඇඳිරි නීතිය 12 දක්වා දීර්ඝ කරයි සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (10) රාත්‍රී නිවේදනය කළේය. 10 May 2022
අරගලය මැද්දේ ජර්මන් ජාතික යුවලගේ නිවස කොල්ලකයි ජර්මන් ජාතික පවුලක් ජීවත් වූ මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (09) කිසියම් පිරිසක් විසින් කොල්ල කා ගිනි තබනු ලැබ ඇතැයි වාර්තා වෙයි. 10 May 2022
මුල්ලේරියාවේ පොලිස් වෙඩි පහරින් අයෙක් තුවාලයි මුල්ලේරියාව අංගොඩ හංදියේ දී අද (10) පස්වරුවේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථයට පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිස් පලවා හැරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 10 May 2022
ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්න ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලූ ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 10 May 2022
දේශබන්දුට පහර දුන්නැයි දෙකක් අල්ලයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (10) පස්වරුවේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 10 May 2022
රත්ගම ප්‍රා.සභා සභාපතිගේ නිවස ළග වෙඩි තැබීමක් රත්ගම ප්‍රාදේශිය සභාපතිගේ රත්ගම නිවසේ මිට ස්වල්ප වේලාවකට පසුව සිදුවූ වෙඩි තැබිමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බව රත්ගම පොලිසිය කියයි. 10 May 2022
බුද්ධිමතකු අගමැතිධූරයේ පිහිටුවන්න පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබේ. 10 May 2022
මහජන දේපල කොල්ලකන්නන්ට වෙඩි තැබීමට හමුදාවට බලය දෙයි පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට අද (10) පස්වරුවේ නියෝග කර තිබේ. 10 May 2022
ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළයි ඉතා දීර්ඝ කාලයක් වාර්සිකව ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය සිදුකරන තංගල්ල නගරයේ මහවෙල පාරේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව මීට ටික වේලාවකට පෙර පෙරලා කඩා බිද දමා ඇත. 10 May 2022
මහිපාලගේ ගොවිපොළෙන් යූරියා මිටි 400 මතු වෙයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපොළේ ගබඩාවකවක යූරියා පෝර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් බාරයට ගෙන ඇත. 10 May 2022
සන්සුන් වන්නැයි ජනපති ඉල්ලයි දේශපාලන බැදීම් නොසලකා හරිමින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ පලිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණීවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලික් කර ඇත. 10 May 2022
ගම්මු මන්ත්‍රි එල්ලාවලගේ ගේ ආරක්ෂා කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ බණ්ඩාරගම නිව්ඩාව නිවසට කලහාකාරීන් පිරිසක් පහරදීමට ආ අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් එක්ව ආරක්ෂා කිරීමට කටයුතු කළ බව අලුබෝමුල්ල පොලිසිය කියයි. 10 May 2022
මහින්ද පලා යන්නෑ: නාමල් කියයි මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. 10 May 2022
‘ප්රචණ්ඩත්වය දැඩිව හෙළා දකිනවා ‘ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ උග්රවන වන ප්රචණ්ඩත්වය දැඩිව හෙළා දකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැචෙලේ මහත්මිය පවසයි. 10 May 2022
‘රට ප්‍රචණ්ඩත්වයට කැඳවූයේ රාජපක්ෂ ආණ්ඩුවයි‘ ගෝඨා ගෝ ගම සාමකාමී වීරෝධතාකරුවන්ට පහරදුන් ආණ්ඩුවේ මැරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 10 May 2022
ඇති වූ නොසන්සුතාවයෙන් 8ක් මිය ගිහින් දිවයින පුරා ඊයේ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් වෙඩි වැදීමෙන් හා පහර දීම් වලින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 10 May 2022
නව ව්‍යවස්ථා සංශෝධන නීතිපතිට විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජන බලවේගය පක්ෂය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම කතානායකවරයාට බාර දුන් පනත් කෙටුම්පත් දෙක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ ඇත. 10 May 2022
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දෙයි නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතාට මිට සුළු මොහොතකට පෙර පෙරහර මාවතේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 10 May 2022
‘ගාලුමුවදොර කළහකාරී තත්ත්වය ගැන පරීක්ෂණයක් ඉල්ලයි‘ ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල සිදුවූ පහරදීම් සහ කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද (10) දැනුම් දෙනු ලැබ ඇත. 10 May 2022
බැසිල්ගේ මල්වානේ නිවෙසට පහරදෙති ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් ඊයේ ( 10 වැනිදා ) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කෙරිණි. 10 May 2022
ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් ඉවත්වීමට සැරසෙයි ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරීන්ගේ රාජකාරිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් රටේ පවතින අරාජික සහ නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි. 10 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026