‘පොහොර නැතුව ජලය එපා‘ කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ යල කන්නයේ වී වගාව සදහා දියවර නිකුත් කිරීම අද( 12 ) දිනට යෙදුණද ගොවීන්ගේ විරෝධය හමුවේ දියවර නිකුත් කිරීම නැවතීමට බලධාරීන්ට සිදු විය. 12 May 2022
ඝාතනය කර වළදැමූ දෙදරු පියාගේ සිරුර ගොඩගනී ඝාතනය කොට පාලු ඉඩමක වළදමා තිබූ පුද්ගලයකුගේ සිරුරක් කිලිනොච්චිය මරදන්කේනි පොලිස් වසමේ වෙත්තිලකේනි ප්‍රදේශයේදී ගොඩ ගැනීමට පියවර ගත් බවට පොලීසිය පවසයි. 12 May 2022
ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුල්වීම වැලැක්වීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර ඇතැයි ’ද හින්දු පුවත්පත’ පවසයි. 12 May 2022
පක්ෂ නායක රැස්වීමේ උණුසුම් වාද විවාද පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භවූ අතර උණුසුම් වාද විවාද මැද පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 12 May 2022
‘ගෝඨාභය ඉන්න ආණ්ඩුවක තනතුරු ගන්නේ නෑ‘ වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 12 May 2022
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සීමිතයි:අලෙවිය වැඩිවෙයි ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (12) දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අලුයම 4 ට විවෘත කිරීමත් සමග ලැබී තිබුණු ඉතා සීමිත එළවළු තොග අලුයම කාලයේම දුර පළාත්වල වෙළෙන්දන් පැමිණ මිලදී ගෙන පිටව ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පැවසූහ. 12 May 2022
ප්රචණ්ඩ ක්‍රියාවලට අනුබල දුන් සමාජ මාධ්‍ය ජාලා 59 ක් පසුගිය 9 වැනි දින ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා 59 ක් සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 59 කු හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 12 May 2022
පක්ෂ නායක රැස්වීමක් තව මොහොතකින් පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතය. 12 May 2022
සජබ මන්ත්‍රීවරු රනිල් සමඟ සාකච්ඡා සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 12 May 2022
කොටස් වෙළෙඳපොළ යළි විවෘත කරයි කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නැවත ආරම්භ කරමින් අද (12) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වේ. 12 May 2022
උතුරු කොරියාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවෙයි උතුරු කොරියාවෙන් පළමු වරට ’කොවිඩ් 19’ ආසාදිතයකු වාර්තා වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය පවසයි. 12 May 2022
ජාතික හැඳුනුම්පත් එක්දින සේවය අද නෑ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (12) දින ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 12 May 2022
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 May 2022
රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි? එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. 11 May 2022
මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 11 May 2022
‘‘මේ සතියේ අගමැතිවරයෙක් පත් කරනවා‘‘ රටේ ජනතාවගේ විශ්වාසය හිමිකරගත් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව ආණ්ඩුවක් පිටිහිටුවීමට මෙම සතිය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවසීය. 11 May 2022
19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවා පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු වේලාවකට පෙර පැවැසීය. 11 May 2022
අගමැති කමට නම් තුනක් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යැමීමට ආණ්ඩුවේ ස්වාධීන වූ කණ්ඩායම තීරණය කර ඇත. 11 May 2022
ඇඳිරි නීතියට පැය හතක විරාමයක් මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 11 May 2022
ගෝඨා - රනිල් හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි. 11 May 2022
කැබිනට් මණ්ඩලය පත් කරන්න අගමැතිවරයා පත්කර කැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (11) ඉල්ලීමක් කළහ. 11 May 2022
ජනපති අද රාත්‍රී 9.00 ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතය. 11 May 2022
අපරාධ වළක්වන්න පොලිසියටත් වෙඩි තැබීමේ බලය අපරාධ සිද්ධීන් වැළැක්වීමට උපරිම පියවර ගැනීමටත් අවශ්‍ය අවස්ථාවේදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යානුකූල බලය පාවිච්චි කිරීමට සියලුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානය අද (11) පස්වරුවේ උපදෙස් දුන්නේය. 11 May 2022
කොළඹ වෙසක්වලට සූදානම් රට තුළ දැඩි අර්බුදකාරී තත්වයක් තිබුණ ද කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් තොරණ සහ සැරළි සූදානම් කරමින් තිබෙන ආකාරය අද (11) දැකගත හැකිවිය. 11 May 2022
අරගලයට මුවාවෙන් කොල්ල කෑම් වැඩි වෙලා නිවාසවලට පහරදී දේපළ පැහැරගෙන යෑමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. 11 May 2022
‘‘ජනතාවට සවන් දෙන්න‘‘ ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර කළහ. 11 May 2022
දින තුනකට පසු දුම්රිය හෙට වැඩ ඇඳිරිනීතිය හේතුවෙන් අත්හිටුවා තිබූ සාමාන්‍ය දුම්රිය ධාවනය හෙට (12) පෙරවරු 8.00 න් පසු නැවත ආරම්භ කරන බවත් දුර ගමන් සේවා දුම්රිය ධාවනය සිකුරාදා (13) ආරම්භ වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
පොලිස්පති - හමුදාපති මානව හිමිකම් කොමිසමට එති ගාලුමුවදොර උද්ඝෝෂකයින්ට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට පහරදීම සහ ඉන්පසු රටේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයේදී නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (11) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි බව එම කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවාය. 11 May 2022
දේශබන්දු මානව හිමිකම් කොමිසමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන 13 වැනිදා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටන ලෙසට දැනුම් දෙමින් එම කොමිසම අද (11) සිතාසි නිකුත් කර ඇත. 11 May 2022
‘කලහාකාරී වුණොත් ලෝකය අහක බලාවි‘ ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදීමට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්රජාතන්ත්රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 11 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026