(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති මූල්‍ය ආධාර ලබාදිය හැකි ආකාරයට ප්‍රති සැළසුම් කරන බවත් ලෝක බැංකු නියෝජිතයෝ පවසති.
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ දැනට ව්‍යාපෘති 17 ක් ක්‍රියාත්මක වන බවත් පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දියහැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බව කී සර්වෝස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (29) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා පැවසීය.
කෘෂිකර්ම, පශු සම්පත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යපාර සඳහා ලබාගත හැකි ආකාරයට අඩු පොළී අනුපාතයක් මත එම ණය නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගෑස් සහ පොහොර ගන්න ලෝක බැංකුවෙන් ආධාර