විරෝධතාකරුවන් දෙදෙනකුගේ පෙත්සමට රනිල් වගඋත්තරකරුවකු කරන්න අවසර කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන්ට අවහිරවන පරිදි වාහන නවත්වා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගැනීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විරෝධතාකරුවන් දෙදෙනකු ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබාදුන්නේය. 13 May 2022
’’ගෝඨා ගෝගම’’ නියෝජිතයන් දෙදෙනෙකු මානව හිමිකම් කොමිසම හමුවට පසුගියදා සිදු ප්රචණ්ඩ ක්‍රියා මාලාවේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් සිදුකරන ස්වාධීන විමර්ශන ට අදාළව ගෝඨා ගම අරගලයේ නියෝජිතයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි 13 May 2022
අගමැති සඳුදා ජනතාවට ඇත්ත කියයි නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ. 13 May 2022
මහින්ද ඇතුළු 7ක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්නැයි අධිකරණයට පැමිණිල්ලක් ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ඊට ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිතීඥවරයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) පුද්ගලික පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත. 13 May 2022
ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන්න ස්වාධීන පක්ෂ 10යෙනුත් තීරණයක් නව රජයේ කොටස්කරුවන් නොවීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන හවුල්කාර පක්ෂ 10 කණ්ඩායම තීරණය කර ඇත. 13 May 2022
ආණ්ඩුවේ ඇමතිධූර භාර නොගන්නා බව ශ්‍රී.ල.නි.පය කියයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන රජයේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු භාර නොගන්නා බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 13 May 2022
රංජන් නිදහස් කරගන්න ඉල්ලීමක් කරනවා රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 13 May 2022
මැති ඇමැතිවරුන්ගේ දේපළ වැනසූ පුද්ගලයන්ට වැඩ වරදී මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට පහරදී ගිනි තබා විනාශ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් ගණනාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 May 2022
රනිල්ගේ නිවස අසළත් විරෝධයක් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් ගාලුමුවදොර අරගල භූමියේ සිට පැමිණි පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස පිහිටි කොළඹ 7, පස්වැනි පටුමග ප්‍රදේශයේ අද (13) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. 13 May 2022
වෙසක් පොහොයට විදුලිය කපන්නේ නෑ වෙසක් පොහොය යෙදී ඇති ලබන ඉරිදා දින (15) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (13) පස්වරුවේ පැවසීය. 13 May 2022
මහින්දට රැකවරණය දෙන්න ත්‍රි,මලයට ලොකු ආරක්ෂාවක් ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇතැයි පොලිසිය පවසයි. 13 May 2022
නාමල්ගේ ගැසට්ටුව ක්‍රියාත්මක වීම වළකයි ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලකාලමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කළේය. 13 May 2022
අර්බුදයට විසඳුම් සොයන්න අගමැතිගෙන් කමිටුවක් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ. 13 May 2022
අගමැති-ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ නව අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.එහිදී මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළේය. 13 May 2022
පැනගිය වටරැක රැඳවියෝ 32 ක් භාරවෙති කොළඹ ප්‍රදේශයේ පසුගිය 9 වැනිදා ඇති වු නොසන්සුන්කාරී අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදි පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනාගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා අද (13) පැවසීය. 13 May 2022
සුරාසල් 15 -16 වසයි වෙසක් පොහොය නිමිත්තෙන් සියලුම මත්පැන් අලෙවිසල් මේ මස මැයි 15 සහ 16 යන දිනවල වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 13 May 2022
’’රනිල් මටත් ආරාධනා කළා’’ පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. 13 May 2022
’’අරගලය දිගටම කරගෙන යා යුතුයි’’ අරගලය දිගටම ගෙන යා යුතු අතර ගෝඨා ගෝ ගමට කිසි විටෙක අතගසන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 May 2022
රුපියල ගණන් උස්සයි ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී තිබුණි. 13 May 2022
කදුළු ගෑස් අවියක් පුපුරා මියගිය එස්.අයිට උසස් වීමක් කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ ඉකුත් (9) දින රාත්‍රියේ පැවති උද්ඝෝෂණයක් මැඩපැවැත්වීම සඳහා සහභාගිවී සිටියදී කඳුළු වායු රයිෆලය කාර්මික දෝෂයක් හේතුවෙන් එය පිපිරීමෙන් මියගිය උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර (45) මහතා පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත . 13 May 2022
දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ අද(13) පෙරවරුවේ පෙනී සිටියේය. 13 May 2022
ජනපති - හිටපු ඇමතිවරු අතර හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ඇමතිවරු විශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (14) කැඳවීමට නියමිතය. 13 May 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා උප පොලිස් පරීක්‍ෂකවයෙක් ඇතුළුව නිලධාරීන් හය (6) දෙනෙක් යෙදවන ලෙස ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා (මෙහෙයුම්) එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබේ. 13 May 2022
රනිල් යටතේ සජබ මන්ත්‍රීවරු ඇමතිකම් භාර ගන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවසීය. 13 May 2022
ගමේ යන්න බස් නැතුව ජනතාව අතරමග සති අන්තයේ ගම්බිම්වලට යෑම සඳහා කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අද (13) පෙරවරුවේ පැමිණි ජනතාවට ප්‍රමාණවත් බස් නොමැතිවීමෙන් දැඩි තදබදයක් ඇති විය. 13 May 2022
රනිල්ට විරෝධය පා අලුත් ගමක් ඉදිවෙයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් පිරිසක් අරලිගහ මන්දිරය ඉදිරිපිට අද (13) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ. 13 May 2022
දෙමසක් ඇතුළත නව ව්‍යවස්ථාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 21වන සංශෝධනය සම්මත කර කරගැනීමට නියමිතය. 13 May 2022
කලහා කළ අය ගැන සී.අයි.ඩිය තොරතුරු ඉල්ලයි අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර ගාලු මුහුද ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා වලට අදාලව පහරකෑමට ලක්වූ,තුවාල ලැබූ , සහ හානි වූ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 13 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026