මන්ත්‍රී ඝාතන සිද්ධියට දෙකක් සැකපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගල කරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වන දා දිවයින පුරා පැවති කලහකාරී තත්වය පසුබිමේදී නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 15 May 2022
ඖෂධ රැසක දැඩි හිඟයක් හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවසීය. 15 May 2022
ප්රචණ්ඩ ක්‍රියාවලට 230ක් සැකපිට අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දුව මහතා පවසයි. 15 May 2022
කල්එළියේ ව්‍යාපාරික ස්ථානයට පහරදුන් ක්‍රීඩා උපදේශක රිමාන්ඩ් රටතුළ නොසන්සුන්කාරී තත්වයක් හට ගත් දා රාත්‍රී කල්එළිය හිරිවල වාහන ගාල් කර තිබූ ව්‍යාපාරික ස්ථානයකට පහරදී රුපියල් ලක්ෂ තුන්සීයක අලාභයක් සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව සැකකාර පාපන්දු ක්‍රීඩා පුහුණු උපදේශකවරයකු 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා නියෝග කළේය. 15 May 2022
සිරකරුවන් 244 ජනපති සමාව වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. . 15 May 2022
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරුට ඕස්ට්‍රෙිලියානු හිටපු තුන් ඉදිරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 May 2022
ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් පළවී ඇති මාධ්‍ය වාර්තා සාමාන්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ලැබුණ හොත් ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවත් ඉන්දීය බුද්ධි අංශය දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධක්ෂ කර්නල් එම්. බී. බී. හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 May 2022
විපක්ෂ නායක-විදෙස් තානාපතිවරු අතර හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක තානපතිවරු හමුවී තිබේ. 15 May 2022
අ‘පුර මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහරදුන්නැයි 22ක් සැකපිට අනුරාධපුර නගරයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික මන්ත්‍රීනියකගේ මිනිස් නිවාස වලට පහරදී අලාභ හානි සිදු කර, ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීවරධාරියෙකු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් 22 ක් අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 15 May 2022
අමාරුම කාලය ඊළඟ සති කීපයයි රටට අමාරුම කාලයේ එන්නේ ඊළඟ සති කීපයේදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 May 2022
20 ට සහාය දුන් මන්ත්‍රීවරුන් සිව්දෙනකු සජබෙට ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සමගි ජන බලවේගයට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත. 15 May 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, නිව්යෝක් ප්‍රාන්තයේ, බෆලෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් එරට මාධ්‍ය කරයි. 15 May 2022
ඩොලර් උන්ඩියල් කරන්න ගිහින් වැඩ වරදි ඩොලර් අර්බුදයක් රටේ පවතින අවස්ථාවක බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47.000 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 15 May 2022
ජනපතිගේ ඉල්ලීමට සබ්රි බෑ කියයි නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත. 15 May 2022
නිකවැරැටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් නිකවැරටිය නාවාන ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ගිරිල්ල පොලිසිය කියයි. 15 May 2022
නිරිත දිගට අදත් වැස්ස දිවයිනේ නිරිතදිග කොටස්වල අද (15) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 May 2022
නියෝජ්‍ය කතානායක ධූරයට දෙදෙනෙක්ගේ නම් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියද යෝජනා කෙරෙන බව දැනගන්නට ඇත. 15 May 2022
උතුම් සම්බුදු තෙමඟුල අදයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත. 15 May 2022
විශේෂ ගණයේ රැදවියෝ 24 ක් සිල් සමාදම් වෙති බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් 24 දෙනකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 14 May 2022
ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමෙි වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය 14 May 2022
මහින්දානන්දගේ කාර්යාලයට පහර දුන් හතරකට ඇප හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් සිව්දෙනකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා අද නියෝග කළේය. 14 May 2022
‘‘රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ‘‘ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 14 May 2022
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට වැලිගම පැලැන ප්‍රදේශයේ අද සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය කියයි. 14 May 2022
ප්‍රසන්නගේ නිවෙසට ගිනි තැබූ 5ක් රිමාන්ඩ් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් ගිනිතබා දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 05 දෙනකු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය නියම කළාය . 14 May 2022
මැති ඇමැතිවරු සුපිරි රථයෙන් පුංචි වාහනයට කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වේ. 14 May 2022
රනිල්ගෙන් සජිත්ට ඇරයුමක් ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා පක්ෂ බේද නොසලකා දායකවන ලෙස සමගි ජන බලවේගය ට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි. 14 May 2022
දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 May 2022
දේපල විනාශයට පියවර නොගත්තැයි පොලිස්පතිට දොස් රටපුරා පසුගියදා ඇතිවූ ගෙවල් ගිනි තැබීම හා දේපල විනාශ කිරීම් පාලනය කිරීම සදහා ක්‍රියාත්මක නොවූ බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිසියට දැඩි විවේචනයක් එල්ල කර ඇත. 14 May 2022
උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාස ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත. 14 May 2022
දැඩි සුළඟින් පිටකොටුව තොරණ ඇළ වෙයි වෙසක් පොහොය නිමිත්තෙන් පිටකොටුවේ බෝගහ අසල ඉදි කරමින් තිබූ තොරණ අද දහවල් හැමූ තද සුළඟි කඩා වැටී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි. 14 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026