(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද(4)පැවසීය.
රුසියා ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයෙන් පසු තමා රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අමතා යැවූ ලිපියට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් ලැබී තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස ලැබුණු ලිපිය තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවූ බවද කීය.
රුසියාවෙි පිළිතුරු ලිපියේ සඳහන් දේ කළා නම් නැවත ගුවන් ගමන් මෙන්ම වෙළෙඳ කටයුතු ඇරැඹීමට හැකියාව ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.
ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වී තිබූ ප්‍රශ්නයේදී ලංකාව කටයුතු කළ ආකාරය වැරදි බවත් අධිකරණයට නොයා රාජතාන්ත්‍රිකව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට තිබූ බව රුසියාවෙන් එවූ ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවන බවට පැහැදිලි සහතිකයක් දෙන්නැයි ද එම ලිපියේ සඳහන් වී තිබු බවත් පොහොර හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියා ආණ්ඩුව සමඟ කතා කළ යුතු නැති අතර රුසියාවේ අදාළ සමාගම් සහ ලංකාවේ අදාල සමාගම් එකඟතාවයෙන් එම ගනුදෙනු සිදු කර ගැනීමට හැකියාව තිබෙන බව ද එම ලිපියේ තිබූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය.
ඊට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසූයේ තෙල් ගෙනෙන්නට පමණක් නොව හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා තමා රුසියාවේ සංචාරය කරන බවයි.රුසියා රජයට ලබාදිය යුතු අදාළ ලිපි මේ රුසියන් භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොගේම කයිය තියෙනවා මොනවා නැතත්....!
ගූගල් ට්‍රාන්ස්ලේටර් එක පාවිච්චි කරන්න. විනාඩියෙන් පරිවර්තනය වෙනවා. එත් කොහොමද එකෙනුත් හම්බ කරන්නේ නේද ?
අපිට ඔය කිසිදෙයක් අහන්න, දැනගන්න අවශ්‍ය නැහැනේ... එක සැරයක් කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තා හොඳටම ඇති.. ‘අපි ඕවට කියන්නේ මුට්ටිය දානවා කියලා..!
මුන් ඔක්කොමලාගෙ තියෙන්නෙ කයිවාරුව විතරයි.
මෙචර වෙලත් තවත් කියවනව..හෙන වදින්ඩ ඔනෙ
තෙල් පොහොර සල්ලි දීල කඩෙන් ගන්න කියල නේද කියල තියෙන්නේ?
අර ජනාධිපති සමාව ගැනත් කියන්නකෝ?
ගමෙන් ලියුමක් ඇවිල්ලා... අක්කගෙන් වාගේ... මොකක් කියලාද දන්නෑ.. එහෙ ගියෙත් නෑනේ...
ලියුම දෙකට තුනට රෝල්කරගලා ගහගන්න පස්ස පැත්තේ...!
පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේ තමයි දැන්... මොහුට රාජ්‍ය තාන්ත්‍රික බලයක් නැහැ නේද?
සිංහලෙන්ද පුටින් ලිපිය ලියලා තිබුනේ?