(සිතුම් චතුරංග)
රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු දහයක දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කන්කසන්තුරය පොලිසිය පවසයි.
නිවසට ගෙනවිත් තිබූ රඹුටන් ආහාරයට ගනිමින් සිටියදී රඹුටන් ඇටය දරුවාගේ උගුරේ සිරවී ඇති අතර හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මාපියන් දරුවා තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙනවිත් සිටියදී ජීවිතක්ෂයටපත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ යාපනය,කන්කසන්තුරය,කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි ධර්මරාසා දර්ෂිකන් නමැති දස හැවිරිදි පිරිමි දරුවකු බව පොලිසිය සඳහන් කළේය.
දරුවා රඹුටන් කමින් සිටි අවස්ථාවේ රඹුටන් ඇටය සිරවී ඇති අතර රඹුටන් ඇටයක් උගුරේ සිරවී ඇති බවට නොදැන සිටි දරුවාගේ මාපියන් ඇතිවූ අසනීප තත්වයක් බවට සිතා රෝහල ගතකොට ඇති බව පොලිසිය පැවසීය.
දරුවාගේ උගුරේ සිරවී තිබූ රඹුටන් ඇටය පිළිබඳ මාපියන් දැණුවත්ව සිටියේනම් දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකිව තිබූ බවද තෙලිප්පලෙයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රඹුටන් ඇටයක් සිරවී දස හැවිරිදි දරුවා මරුට