(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්, තමා අද (04)පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ආණ්ඩුපක්ෂ රැස්වීම් වලට තවදුරටත් සහභාගි වී අදහස් දැක්වීමෙන් පලක් නොවන බවත් , ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් මන්ත්‍රී වරයා ජනාධිපතිවරයාට යව ඇති ලිපියේ සඳහන් වේ.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.