(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විපක්ෂනායක කාර්යාලයේ දී අද හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ "ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන" වැඩසටහනේ තීරණාත්මක හමුවක් ලෙස මෙය පැවැත්විණි.
පසුගිය වසර 3කට ආසන්න කාලය තුළ මේ රටේ පාලකයන් අනෙක් පුද්ගලයන් කියන දේ ඇහුම්කම් නොදී තමන් පමණක් හරි බවට සිතා කටයුතු කිරීම නිසා වර්තමානයේ රට විශාල අගාධයකට පත්ව ඇති බව එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඉන් මිදීමට නම් සියලු දෙනා එකට එකතු වී සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඒකාධිපතීත්වයෙන් තොරව සියලු දෙනාගේ මතවලට ඇහුම්කන් දෙන සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් රට ගොඩනැගිය හැකි බැවින් ඒ සඳහා ප්‍රගතිශීලී පක්ෂයන්ගේ යෝජනා සහ අදහස්වලට ඇහුම්කන් දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.
විපක්ෂයේ අරමුණ වන්නේ විවිධාංගීකරණයට ලක් වූ අදහස් එකට එකතු කළ හැකි පොදු ජාතික න්‍යාය පත්‍රයක් හරහා රට නැවතත් ගොඩනැගීම බවත් එම න්‍යාය පත්‍රය තුළින් රටේ ජනතාවගේ අහිමි වී ගිය හුස්ම නැවතත් ලබා දිය හැකි බවද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන" වැඩසටහන සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම අවස්ථාවට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රට ශක්තිමත්ව ගොඩ නැගීම සඳහා මෙයට පෙර නොතිබූ ආකාරයේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට යොමු විය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ජපානය වැනි ශ්‍රී ලංකාව සමඟ මිතුරු රටවල් අද වන විට බොහෝ දුරට ඈත්ව ඇති බවත් වත්මන් ආණ්ඩුව එයට වගකිව යුතු බවත් සිරිසේන මහතා සඳහන් කළේය.
අරගලයේ නියුතු පිරිස්, තරුණ ප්‍රජාව රට ගැන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සිතන බැවිනි ඔවුන්ගේ සිහින සැබෑ වන නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ සියලු දෙනා කල්පනා කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී තවදුරටත් තව දුරටත් කීවේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, වෛද්‍ය රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් රැසක් ද, ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ගාමිණී වියංගොඩ, රොහාන් සමරජීව ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සජිත් - මෛත්‍රී හමුවක්
ganegoda Monday, 04 July 2022 05:15 PM
හොඳයි ඔය කවුරු වුණත් සජිත්ගේ පිටිපස්සේ හිටියොත් අපි සලකා බලනවා.
fairoos Monday, 04 July 2022 06:07 PM
මිස්ටර් බීන් මන්ත්‍රී ගෙන්නම් වැඩක් නැහැ... රට මේ තත්වෙට වැටෙන්න ඔබතුමාත් වගකියන්න ඕනේ...!!!
මහසෙන් Monday, 04 July 2022 07:04 PM
මේ පාර නම් රට සුඛිත, මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා යනවා වගේ යන්නේ. මේ දෙන්නම. රාජ්‍ය පාලනයට ගෑවිලා හිටියේම නෑනේ. ගෙවුණු කාලේ වුණු විනාසෙට මේ ගොල්ලන් හවුල් වෙලත් නෑ. මේ එන්න හදන්නේ ඊළඟ සිස්ටම් චේන්ජ් එක වෙන්න ඇති...!
saliya Monday, 04 July 2022 09:22 PM
රයිගමයයි, ගම්පොළයයි වගෙයි.. දෙන්නාට දෙන්නා මොන සෙල්ලමක් දමාවිද?
Charith Monday, 04 July 2022 10:13 PM
ඔක්කොම එකයි. මෛත්‍රීව නම් විශ්වාසම නෑ. ටික කාලෙකින් නාමල්ව ගෙනෙයි
Piyadingha Tuesday, 05 July 2022 10:07 AM
දෙන්නම මෝඩයො