IMG-LOGO

දරුවා ඇකයේ සිටියදී මවගේ ගෙල කපා රන් මාලය පැහැර ගනී

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන  යාමේ දුක්මුසු පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි  කාන්තාවක බව පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර අද  පෙරවරු කාලයේ දී පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන  ආපසු නිවෙසට යන අතර තුර මෙම අබැද්දියට මුහුණ දී ඇත.

ඝාතනය ලක්වන අවස්ථාවේ අගේ  අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇතැයි පොලීසිය සදහන් කරයි.

ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැදි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත්, එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලීසිය පවසයි.

මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම අපරාධය සිදු කොට රන් මාලය කඩාගෙන පලා ගොස් ඇති සැකකරු මේ වනවිට හදුනා ගෙන සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. 

 



අදහස් (10)

දරුවා ඇකයේ සිටියදී මවගේ ගෙල කපා රන් මාලය පැහැර ගනී

pj Monday, 04 July 2022 04:30 PM

මෙයාව අහු වුණොත් බඩට පයින් ගහන්න එපා. බඩ අත ගාන්න.

:       3       41

susantha Monday, 04 July 2022 04:31 PM

මෙ පටන් ගත්ත විතරයි. තවකල් යනකොට රටේ හතර දිග් බාගෙන්ම මෙ වගේ පුවත් නිතරම අහන්න ලැබේවි. රට අවුරුදු 50ක් විතර පස්සට ඇදල දැම්ම.

:       3       61

PereraTuesday, 05 July 2022 04:47 AM

අවුරුදු 50කට ඉස්සෙල්ලා මෙහෙම දේවල් මේ විදිහට රටේ වුණාද? මේ ගිහින් තියෙන්නේ ගල් යුගයට...! 

:       0       0

fairoos Monday, 04 July 2022 05:55 PM

නන්දසේන සහ නඩය තොලොංචි වෙලා යන්න ඕනේ මේ අය රටට කළ විනාශයේ තරම...

:       13       34

bandara Monday, 04 July 2022 05:55 PM

කාන්තාව මිය ගියා නම් අඳුනගත්තා කියලා පොලිසිය කියන්නේ කොහොමද?

:       22       6

ranjith Monday, 04 July 2022 06:35 PM

එන්න එන්නම රට අරාජික වෙනවා... නායකයන්ගේ කයිවාරු විතරයි...

:       2       35

Nihal Monday, 04 July 2022 07:57 PM

UK වලත් දරුවන් මරන එක නිමක් නැහැ... හේතුව වර්ණ භේදය.!

:       0       0

Chaminda Monday, 04 July 2022 09:33 PM

අපේ රටේ පාලකයින් සහ උපදේශකයින් විසින් රට මේ තත්ත්වයට පත් නොකළානම් ඒ තරුණ ජීවිත අදත් සතුටින් තම නිවසේ කල්ගත කරාවි.

:       0       0

සංහිද Monday, 04 July 2022 09:36 PM

මේ සියල්ලටම රට පාලනය කළ අය වග කියන්න ඕනෑ.

:       0       0

Virat Tuesday, 05 July 2022 01:44 AM

මේ හොරා අල්ලා ගත්තොත් පොලිසියට බාරදෙන්නේ නැතුව එයාට වදදීලා මරන්න ඕනෑ.. අහිංසක දරුවා ගැන හිතලාවත් මේ අම්මට කරදරයක් නොකර ඉන්න තිබුණා... මූට සිර දඬුවම දීලා හරි යන්නේ නැහැ... මරන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 333 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site