IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කෝටි 19ක රත්‍රං කටුනායකින් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු ද සමග අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් ඊයේ (03) රාත්‍රීෙය්   සමත් වී තිබේ.

කිලෝ ග්රැම් අට හමාරක් බරැති  ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම ඇමෙරිකානු ඩොලර් 75,000 ක් සහ යුරෝ 18,000 ක විදේශ මුදල් තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇද සිටි කළිසම් සහ කමිස සාක්කු වල , විශේෂයෙන් සකස් කළ ව්‍යාජ පතුල් තුළ සගවා ගෙන සිටි බව ගුවන් තොටුපළ රේගු නිලධාරීවරයෙකු පැවසීය .

මෙසේ අත් අඩංගුවට ගත් 53 සහ 42 වයස් වල පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනා වෘත්තීය වශයෙන් මෙසේ දෙරටේ ගුවන් තොටුපළ ඔස්සේ රත්තරන් සහ විදේශ මුදල් ජාවාරමේ යෙදෙන්නන් බවට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් 46 හැවිරිදි ශ්‍රී ලාංකිකයා නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් , ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නෙකු බව ද ගුවන් තොටුපළ රේගුව පවසයි .

ඉන්දියාව සහ ඩුබායි යන රාජ්‍ය වලින් විශාල තොග වශයෙන් මෙසේ  කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එන ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් , ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයෙහි රැදී සිටින ව්‍යාපාරිකයන් සහ ජාවාරම්කරුවන් වෙත කුඩා ප්‍රමාණ වලින් යුතු කොටස් වලට වෙන් කර  ලබා දී , ඒවා ගුවන් තොටුපළෙන් පිට කිරීම මොවුන්ගේ ප්‍රයත්නය වී ඇති බව ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හදුනා ගෙන තිබේ .

ඒ අනුව ඊයේ (03) රාත්‍රීෙය් ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් සහ අද(04) අලුයම 01.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.273 දරන ගුවන් යානයෙන් මෙම ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වල දී සොයාගෙන තිබේ .

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.ටී.බී.අලවතුගොඩ මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර , මෙම පුද්ගලයන් තිදෙනාට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .



අදහස් (3)

කෝටි 19ක රත්‍රං කටුනායකින් අල්ලයි

Always breakdown Monday, 04 July 2022 11:54 AM

තෙල් නැවකට අත්තිකාරම් මුදල් බඳින්න නැතිනම් මේවා ගල් වෙයි.

:       4       9

senaMonday, 04 July 2022 12:11 PM

කියලා වැඩක් නැහැ...! ඕවා ගැලවෙනවා ශුවර්...!

:       3       4

දීපාල් ද සිල්වා Monday, 04 July 2022 05:03 PM

රුපියක් කෝටි 19 ක සොරකමකට රුපියල් 25000ක දඩයක් කියන්නේ විහිළුවක් වගේනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site