ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ චිකාගෝවේ, හයිලන්ඩ් පාර්ක් නමැති නගරයේ පැවැත්වුණු නිදහස් දින පෙළපාළියටය. වෙඩික්කරු, වෙළෙඳ ගොඩනැගිල්ලක වහලය මත සිට පහළ මාර්ගයේ පෙළපාළියේ ගමන් කළ පිරිසට වෙඩි තැබූ බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ පෙළපාළිය ආරම්භ වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය. වෙඩි ප්‍රහාරයත් සමඟ පෙළපාළියට සහභාගී වූ පිරිස් සහ පෙළපාළිය නැරැඹීමට මග දෙපස රැස්ව සිටි පැමිණි පිරිස් බියෙන් හිස්ලූලූ අත දිවයන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඇමෙරිකන් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
චිකාගෝවේ සිදුවුණු වෙඩි තැබීම ගැන සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. එය සිත්පිත් නැති අපරාධයක් බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වන ලෙසත් ජනාධිපති බයිඩන් ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
වෙඩි වැදී මියගිය 6 දෙනා වැඩිහිටියන් යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය 6 දෙනාගෙන් පස් දෙනකු එම ස්ථානයේදීම මියගිය අතර, ඉතිරි පුද්ගලයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය.
තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ද සිටින බව පැවැසෙයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළේ 22 හැවිරිදි සුදු ජාතික තරුණයකු යැයි පොලිසිය පවසයි. ඔහු රොබට් 'බොබී' ක්‍රියිමෝ නමැත්තාය. රොබට් 'බොබී' ක්‍රියිමෝ ආධුනික රැප් ගායකයකු බවත් සුදු අන්තවාදී අදහස් ඇත්තකු බවත් පොලිසිය වැඩි දුරටත් පවසා තිබේ.
රොබට් 'බොබී' ක්‍රියිමෝ
වෙඩි තැබීමෙන් පසු ඒ සදහා භාවිත කළ ස්වයංක්‍රීය ගිනි අවිය ද වෙළෙද සැල වහලට මත දමා රොබට් 'බොබී' ක්‍රයිමෝ පලා ගොස් ඇති අතර, ඔහු අල්ලා ගැනීමට මෙහෙයුම් ආරම්භ වී ඇත.
ඇමෙරිකාව නිදහස් දිනය සමරන්නේ සෑම ජූලි 4 වැනිදාය. නිදහස් දිනය, ඇමෙරිකාවේ නිවාඩු දිනයක් ද වන අතර, නිදහස් දිනය සමරමින් දිවා කලෙයේ ඇමෙරිකාව පුරා සෑම නගරයකම පාහේ විචිත්‍රවත් පෙළපාළි පැවැත්වෙයි.
නගර වැසියන්, දේශපාලනඥයන්, සිසු දරු දැරියන්, ජනප්‍රිය පුද්ගලයන් ද ඇතුළු බොහෝ දෙනකු මෙම පෙළපාළිවලට සහභාගී වන අතර, පෙළපාළි නැරැඹීමට ලොකු කුඩා කවුරුත් මාර්ග දෙපස රැස්වෙති.
(ඩේලිමේල් ඇසුරිනි)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක්
Thilina Liyanage Tuesday, 05 July 2022 09:26 AM
පුවතක් වාර්තා කරනකොට එකේ විස්වාසනියත්වය රකින්න ඕනේ, මරණ තුනක් කියල පටන් ගන්න පුවතේ මැද හරියේ තියෙනවා හයක් මිය ගිහිල්ල කියල. ටයිප් කරන උන් ගංජා ගහල, සෝදුපත් බලන උන් ගුලි කාල.
uk ran Tuesday, 05 July 2022 10:07 AM
ලොකෙම ගිනිතිය තිය යන අමරිකවට තමන්ගෙ කරුමෙ පඩිසන් දෙදෙ. පවු, නයකොයො නිා අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනව. ලොකෙ ගිනිතියන්න්නරටෙ නයකයො මේවට වග කියන්න ඔන.