ඇමැතිලා හතරක් දිවුරති නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 14 May 2022
නව ආණ්ඩුවට පොදුජන පෙරමුණේ සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන නව රජයට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය. 14 May 2022
පවුලක බලය රකින ආණ්ඩුවක ඉන්නවාට වඩා ගෙදර යෑම සැපයි පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 14 May 2022
රටම ගිනි තැබූ සමාජ මාධ්‍ය ජලා 92ක් හඳුනා ගැනෙයි ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92 කු අද වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 14 May 2022
ගෑස් ඉල්ලා අදත් තැන තැන විරෝධතා රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ. 14 May 2022
ඩීසල් නැවක් 17 එයි ඩීසල් රැගත් නෞකාවක් ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. 14 May 2022
රටේ අර්බුදය විසඳීමට රනිල්ට සහය දෙනවා රටේ අර්බුදය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පත් කෙරෙන නව රජයට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය . 14 May 2022
ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් ඇනහිටී ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 May 2022
මැති ඇමැති දේපළ හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක් ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම් නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවැසේ. 14 May 2022
ජනපති - පොහොට්ටු මන්ත්‍රී රැස්වීම උණුසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීම මේ වන විට ආරම්භ වී අතර එය දැඩි උණුසුම් වී ඇතැයි දැන ගන්නට ඇත. 14 May 2022
’’අපි නව ආණ්ඩුවේ ඇමැතිධුර ගන්නේ නෑ’’ නව ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සූදානම් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 14 May 2022
දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 14 May 2022
නවසීලන්තයෙන් ඩොලර් 500,000 ප්‍රධානයක් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000 මුදලක් ප්රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය. 14 May 2022
අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම තුනක් පාර්ලිමේන්තුවේ දී ලබන 17 වැනිදා අඟහරුවාදා ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 14 May 2022
ශ්‍රීපා වන්දනා සමය 17 වැනිදායින් අවසන් ශ්‍රි පාද වන්දනා වාරය මෙම 17 වැනි දායින් අවසන් බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවැසූහ. 14 May 2022
යළ කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට ඉන්දීය රජය තීරණය කර ඇත. 14 May 2022
වගාවට වතුර දෙන්නත් පොලිස් ආරක්ෂාව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙවර යල කන්නය සදහා කවුඩුලුවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කවුඩුලුවැව ප්‍රධාන ඉන්ජිනේරුවරයා කටයුතු කළේය. 14 May 2022
ගෑස් නැවට ගෙවන්න ඩොලර් නෑ ලිට්රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්රක්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 14 May 2022
නිරිතදිගට තවදුරටත් වැසි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2022
ඇන් ඇම් ගෙන් කොල්වින්ගෙන් නවක මන්ත්‍රීන්ට පාඩමක් ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි පැරැණි දේශපාලනඥයන් අතීත පාර්ලිමේන්තුවල කළ සාරගර්භ කතා ඇතුළත් හඬ පට වර්තමාන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු පුස්තකාලාධිපතිවරයාට උපදෙස් දී ඇත. 14 May 2022
දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිනි ගනී: 27 ක් මරුට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි. 14 May 2022
‘‘සියල්ල යථා තත්ත්වයට පත් කරනවා‘‘ රටේ ආර්ථික අර්බුදය,යහපත් වීමට පෙර නරක අතට හැරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය. 14 May 2022
කැබිනට් මණ්ඩලය හෙට දිවුරයි ? නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට(15) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 14 May 2022
තෙල් දුම්රියක් පීලි පනී රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදෙශයේදි පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 14 May 2022
අගමැති-චීන තානාපති අතර හමුවක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අතර අද(13) හමුවක් පැවැත්විණ. 13 May 2022
හෙට පැය 12කට ඇඳිරි නීතිය ඉවත් වෙයි දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (14) පෙරවරු 6.00 ට ඉවත් කර නැවත පස්වරු 6.00 ට පනවන බවත් එම ඇඳිරි නීතිය ඉරිදා (15) පෙරවරු 5.00 ට ඉවත් කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 13 May 2022
කාබනික පොහොර කියා වැලි අලුයි දීලා වැලි හා අඟුරුකුඩු කලවම් කර කාබනික පොහොර ලෙස සැකසීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය ස්ථානයක පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් විසින් අද දින වටලණු ලැබීය. 13 May 2022
ඩොලර් නැතිව බොරතෙල් නැවක් සතියක් මුහුදේ බලශක්ති අමාත්‍යංශය ආනයන කළ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා සතියකට වැඩි කාලයක් මුහුදේ නවතා ඇති බව වාර්තා වේ. 13 May 2022
විරෝධතාකරුවන් දෙදෙනකුගේ පෙත්සමට රනිල් වගඋත්තරකරුවකු කරන්න අවසර කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන්ට අවහිරවන පරිදි වාහන නවත්වා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගැනීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විරෝධතාකරුවන් දෙදෙනකු ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර ලබාදුන්නේය. 13 May 2022
’’ගෝඨා ගෝගම’’ නියෝජිතයන් දෙදෙනෙකු මානව හිමිකම් කොමිසම හමුවට පසුගියදා සිදු ප්රචණ්ඩ ක්‍රියා මාලාවේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් සිදුකරන ස්වාධීන විමර්ශන ට අදාළව ගෝඨා ගම අරගලයේ නියෝජිතයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි 13 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026