IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සියලු පාසල් සතියක් නිවාඩු

(ඩයනා උදයංගනී)

මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව හෙට (4) දින සිට සිකුරාදා (8) දක්වා කාලය දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද (3) දින පැවැත්වූ සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත.

පසුගිය දෙසතියේ දී පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන මෙම සතිය තුළ දිවයින පුරා සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන බව ද එහි සඳහන් වේ.

 



අදහස් (4)

සියලු පාසල් සතියක් නිවාඩු

fairoos Sunday, 03 July 2022 05:18 PM

කාගේ වැඩක්ද දන්නේ නැහැ?

:       2       2

Appuhami Sunday, 03 July 2022 05:20 PM

ඔය ඉස්කෝල ටික වහලම දාන්න..

:       1       4

චන්දන Sunday, 03 July 2022 09:52 PM

අධ්‍යාපනය අත්‍යාවශ්‍ය නොවන රටකට අනාගතයක් තිබේද? උත්තර පත්‍ර බලන්න දෙන්නෙත් නැහැ...

:       0       2

hesa Monday, 04 July 2022 02:35 AM

කාටත් අමතකයි දැන්..මතක් කිරීමක් මේ..ගුරු වැටුප් ඉල්ලා මාසකීයක් නම් පාසල් වසා තිබුනද.. ඒ අයම අද පාසල් වසා දැමීමට කෙනෙහිලි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site