IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක්

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සමගි ජන බලවේගයේ  මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා භාරදුන්  සංදේශයට  ප්‍රතිචාර දක්වමින් වතිකානයෙන් ලිඛිත පණිවුඩයක් යොමුකර ඇත.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ජනතාව උදෙසා උන්වහන්සේගේ පූර්ණ මගපෙන්වීම  සහ පූර්ණ අධීක්ෂනය යටතේ කටයුතු සිදුකරන බවට ලිකිතව දැනුම් දිමක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

මෙරට පිහිටි වතිකාන තානාපති උන්වහන්සේ හරහා මේ බව තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 30 වැනිදා  රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව මන්ත්‍රීවරයා  ප්‍රකාශ කළේය.

පාස්කුදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට පවසා බලයට පත් වූ ආණ්ඩුව වසර දෙකක් යනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ  බවත්   ජයවර්ධන මහතා කීවේය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දේශපාලනික, ආර්ථිකමය ගැටලූ පිළිබඳව සහ අවුරුදු තුනකට ආසන්න පාස්කු ප්‍රහාරයට ලක්වී වේදනාවෙන් සිටින වින්දියන්ට සාධාරණත්වයක් ඉෂ්ට නොවීම පිළිබඳවත් උන්වහන්සේ වෙත දීර්ඝ ලෙස කරුණු දැක්වූ බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාප් වහන්සේගේ ලේකම් වහන්සේ මුන ගැසි මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත වූ බවත් හෙතෙම කීවේය. 



අදහස් (9)

මන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක්

lala Sunday, 03 July 2022 04:06 PM

මට තේරෙන්නේ නැහැ.. පාස්කු ප්‍රහාරය කරගත්තේ අපිද?

:       0       62

PereraMonday, 04 July 2022 12:20 AM

වක්‍රවාකාරව ඔව්...!

:       0       0

BamunuarachchiMonday, 04 July 2022 11:10 AM

නැහැ අපි ප්‍රහාරය නැරඹුවාට බලාගෙන හිටියට... ඒ ගොල්ලන්ගේම සමහරු ඒ ගැන කතාකරලා හිනාවුණා මතකද?

:       0       1

ranjith Sunday, 03 July 2022 05:10 PM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම කෙනාම... එයාලගේ හත්මුතු පරම්පරාවත් එක්කම මකබෑවිලා යන්න ඕනේ... මේ කරපු සාහසික අපරාධයට...

:       1       57

Chandima Sunday, 03 July 2022 07:00 PM

මැරුණු මිනිස්සු ගැන කතා කරනවා මිසක් කන්න නැතිව මැරෙන්න යන මිනිස්සු ගැන කතාකරන්නේ නැහැනේ. ළඟදීම හැමෝටම හාල් පෝලිම්වල ඉන්න වෙන්නේ ස්වර්ගයේ තමයි.

:       10       58

anandaSunday, 03 July 2022 08:25 PM

මැරුණු මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඇවිත් තමයි දැන් මිනිස්සු බඩගින්නේ මැරෙන්න වැඩ සලස්සලා තියෙන්නේ...!

:       3       36

රොනි Monday, 04 July 2022 08:53 AM

මේ යකා තමයි කර්දිනල් තුමාට ලනු දිලා එතුමා ගේ ගරුත්වය විනාශ කලෙ කතොලික පාප්වහන්සෙට ලිපියක් යැව්වොත් ඔනෙ කෙනෙකුට පිලිතුරු සපයනවා එය සම්ප්‍රදායක් , මේ බුරුවට ඒක මාහා ප්‍රාතිහාර්යක්.

:       0       0

Bamunuarachchi Monday, 04 July 2022 11:07 AM

ලොකු සාකච්ඡාවක් යනවා වගෙයි රටට ඩොලර ලැබෙයි වගේ.

:       0       0

UK TAN Monday, 04 July 2022 03:53 PM

අප්පගෙ දේ පුතා නොකලොත් උ නොට්ටිගෙ පුතාලු. පියා වගෙම තමයි මේයත් සල්ලි දෙනවනම් ඔන දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 20 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site