IMG-LOGO

ජාත්‍යන්තර සහය ලැබෙමින් තිබෙනවා

(අංජුල මහික වීරරත්න)

රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගය ජය ගත ගැනීමට එකම මඟ විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීම යැයිද ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

සමස්ත ආර්ථිකය කඩා වැටී විදේශ සංචිත නොමැති රටක් නැවත නගා සිටුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව කී වජිර අබේවර්ධන මහතා අඩුම තරමින් ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන විටම එයට පිළියම් යෙදීමට කටයුතු කළේ නම් අද මේ අසීරු තත්ත්වයට මුහුණදීමට සිදුනොවන බව සඳහන් කළේය.

අද වන විට රට ගෑස්, ඉන්ධන, විදුලිය සහ ආහාර හිඟයට එහා ගිය බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින බව කී අබෙිවර්ධන මහතා බරපතල ලෙස කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩ ගැනීම ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබෙන බවද කීය.



අදහස් (9)

ජාත්‍යන්තර සහය ලැබෙමින් තිබෙනවා

Nihal De silva Sunday, 03 July 2022 02:22 PM

හරි හරි අපි රැවටුණා. ඇමැතිතුමා ඉම්ෆ් කියපු දේ දැක්කේ නැතුව ඇති. යුරෝපිය රටවල් වල කට්ටිය ලස්සනට කථා කළාට නීතිය අකුරටම පිළිගන්නා බව ඔබ දන්නේ නැතුව ඇති...

:       37       24

fairoos Sunday, 03 July 2022 02:37 PM

රාජපක්ෂවරු රකින්න අගමැතිකම ගත්තට වැඩක් නැහැ. ඔයාලා ඉන්නකන් තවත් රට බංකොළොත් තමයි.

:       45       24

ranjith Sunday, 03 July 2022 02:52 PM

මිනිස්සු අනේකවිද දුක්ගැහැට විඳිමින් ගින්දරක ඉන්න මොහොතේ මේ වගේ අය දේශපාලනයට ඇවිත් බයිලා ගහනවා.

:       29       25

ගමේ එකාලා Sunday, 03 July 2022 03:47 PM

රට ආර්ථික අර්බුදයකට පත් කෙරුවේ දූෂිත, බලලෝභී පවුල් පාලනේ අය. දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද?

:       22       17

Hafeel Sunday, 03 July 2022 05:09 PM

පහුගිය රජයේ එම දූෂිතයින්ව ආරක්ෂා කළේ මේ වජිර... එදා එම දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දුන්නා නම්... අද මේ දූෂිතයින් බලයට එන්නත් නැහැ... රටට මේ ඉරණම වෙන්නත් නැහැ.

:       38       14

siri Sunday, 03 July 2022 05:17 PM

මේ චරිත ටික ජනතාව ඡන්දෙන් ගෙදර පැන්නුවේ එපාම වෙලා.. අප්පිරියයි නැවත දකිනකොටත්...

:       0       41

Chandima Sunday, 03 July 2022 07:06 PM

අර යුද්ධය කාලේ ලංකාවට ආධාර දෙන්න එපෝ එපෝ කිය කියා දුවද්දී ඔව්වා හිතුණේ නැහැ නේද? දැන් පරක්කුයි. ගෙදර ගිහින් මේ අපි වගේ එළවලු පාත්තියක් හිටවගෙන ඉන්න බලන්න.

:       2       64

nandana Sunday, 03 July 2022 08:30 PM

එක එක අවතාර දැන් එළියට එනවා. නැවත පාර්ලිමේන්තුවට රිංගගෙන හිතිලා වගේ දැන්වත් ගොවිතැනක්, බතක් කරගෙන හිටියා නම් හොඳයි නේද? බැරි වැඩ කරන්න දඟලන්නේ නැතිව...!

:       0       8

sharm warn Monday, 04 July 2022 10:01 AM

මෙයා රනිල්ට කඩේ යනවා. බලන් ඉන්නවද දන්නේ නැහැ මොකක් හරි ඇමැතිකමක් අටවලා දෙයි කියලා.. රනිල්ට හුණු ගෑවාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site