IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි

(ක.ග.කරුණාරත්න,නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, තල්පොත පොළොන්නරු ලිපිනයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු මවක වන එම්.එල් යමුනා පත්මිණි යන අය බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

ඝාතනයට ලක් වෙද්දී ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනාද සිට ඇති බව පුලස්තිපුරපොලිසිය සඳහන් කරයි.

ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළාද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕශාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.



අදහස් (6)

ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි

ranjith Monday, 04 July 2022 08:55 AM

අද දවසකට මනුශ්‍ය ඝාතන කීයක් සිද්ධ ‌වෙනවද?කෝ ජාතික ආරක්ශාව? ජනාවට බියක් සැකයක් නැතුව ඉන්න බැරි තත්වයක්?

:       2       33

fairoos Monday, 04 July 2022 12:33 PM

හැමදාම මිනිැරුම් හොදට තිබිච් රටට මොන සාපයක් ඩ මද

:       2       23

BamunuarachchiTuesday, 05 July 2022 09:10 AM

ෂා මේ හාදයාට පාස්කු ප්‍රහාරය අමතක වෙලාවගේ.

:       0       0

චින්තක Monday, 04 July 2022 12:34 PM

මාතෘකාව පරිපාලන නිළධාරි කියලා ( A O) නමුත් ලිපියේ තියෙන්නෙ ප්‍රාදේශීය ලේකම්ගේ( D S) සැමියා සහ දරුවො හිටියා කියලා. වාර්තාව ලියනවිට නිවැරදිව ලියනවා නම් නේද හරි. ඇත්තටම කවුද මැරිලා තියෙන්නෙ. පරිපාලන නිළධාරි වෙන්න බැහැ.

:       0       17

රෝහණ Monday, 04 July 2022 03:27 PM

ඒ වෙළාවේ ප්‍රාදේශීය ලේකම්ගේ ස්වාමියා එතැන සිටීම තුල සැකයක් ඇති වෙනවා. ඒ ගැන විමර්ශනය කළ යුතු වෙනවා..

:       0       0

AC Monday, 04 July 2022 06:50 PM

ඇය කටුගස්තොට ඉරිදා දහම් පාසලේ මගේ ගුරුතුමියයි. ඇය හොඳ ගුණයහපත් මහත්මියක්... මට විශ්වාස කරන්නත් බෑ... නිවන් සුවය ලැබේවා..!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 20 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site