IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බිත්තර වී කිලෝව 150 ට මිලදී ගනී

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

දැනට බිත්තර වී කිලෝවක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කර ඇති මිල රුපියල් 140ක් වුවත් එය ගොවි ජනතාවගේ පැත්තෙන් ගත් කළ සාධාරණ මිලක් නොවන හෙයින් කිලෝව 150 බැගින් මිලදී ගැනීම⁣ට කටයුතු කරන ලෙසත්, ඊට අදාලව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

2022 /2023 මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය බුසල් ලක්ෂ 40ක් බවත් රජයේ බිත්තර වී  ගොවිපොළ මගින් ලබා ගන්නා බිත්තර වී ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 10-12ක් අතර ප්‍රමාණයක් වන අතර ඉතිරි බිත්තර වී ගොවීන් වෙතින් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට බිත්තර වී වගා කළ ඇතැම් ගොවීන් තම අස්වැන්න සහල් සැකසීම සඳහා වැඩි මිලකට වෙළෙඳුන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

බිත්තර වී  සහල් සැකසීම සඳහා  වෙළෙඳුන්ට අලෙවි නොකරන ලෙස ඉල්ලා සිටින අතර එසේ කළහොත්  මීළඟ මහ කන්නයට බිත්තර වී හිඟයක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ගොවීන් සතු බිත්තර වී මිල දී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහාම මැදිහත් වී කටයුතු කරන ලෙස උපදෙස් දුන් බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර යල කන්නයේ වී අස්වනු වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.



අදහස් (1)

බිත්තර වී කිලෝව 150 ට මිලදී ගනී

fairoos Sunday, 03 July 2022 06:55 PM

තවත් පච වෙන්නේ නැතුව අලුත් ආණ්ඩුවකට ඉඩදීලා මේ ආණ්ඩුව සහ නන්දසේන ගෙදර යන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site