IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රාජකාරියට යන්න බැරිව පොලිස් නිලධාරීහුත් අමාරුවේ


(කීර්ති ප්‍රනාන්දු )

ඉන්ධන නොමැති වීමෙන් රාජකාරි වාර්තා කිරීමට පොලිසිය ස්ථාන වෙත යාමට නොහැකිව  තමන් දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීහු පවසති.

පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන් ද විශාල පිරිසක් දිනපතා සිය නිවෙස්වල සිට යතුරුපැදි සහ මෝටර් රථ මගින් නියමිත පොලිස් ස්ථාන වලට සේවයට   යාම සිදු කරන බවත් තම වාහන වලට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදු වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට දිවයින පුරා අත්ය වශ්යා සේවා සඳහා ඉන්ධන ලබාදීමට පිරවුම්හල් වෙන්කර තිබුණ ද එම බොහෝ පිරවුම්හල් වලින් ඉන්ධන පොලිස් නිලධාරීන්ගේ  යතුරු පැදි    සහ මෝටර් රථ සඳහා ලබා නොදෙන බවද එම නිලධාරීහු කියති.

මෙම තත්වය තුළ තමන් හට  දිවා කාලයේ මෙන්ම රාත්රීර කාලයේ  රාජකාරි වාර්තා කිරීම සහ  රාත්රීධ රාජකාරි අවසන් කර ආපසු නිවෙස් බලා යාමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් වී සිටින බව ද එම පොලිස් නිලධාරීහු මෙන්ම නිලධාරිනියන් ද කියා සිටිති.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ මෙම ගැටළුකාරී තත්වය හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන් ද රාජකාරි අවසන් කර ආපසු නිවෙස් වලට යාමට ප්‍රවාහන  පහසුකම් නොමැති වීම හේතුවෙන් පොලිස් ස්ථාන තුළ සහ එම පොලිස් නිලධාරීන්ගේ හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රාත්‍රී නවාතැන් ගැනීමට සිදුවීම  හේතුවෙන් තම පවුල්වල දරුවන්ගේ සහ  ගේ දොර වැඩ කටයුතුවලට ද දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවයි. 



අදහස් (2)

රාජකාරියට යන්න බැරිව පොලිස් නිලධාරීහුත් අමාරුවේ

Chandima Sunday, 03 July 2022 07:01 PM

අර හොරු රැල ආරක්ෂා කරන රාලහාමිලාටත් ඉන්ධන නැතුව ගියානම් මරු...

:       3       8

ana Sunday, 03 July 2022 07:26 PM

අනේ බොරු නොකර ඉන්න රාළහාමි... ෂෙඩ්වල තෙල් සාමාන්‍ය ජනතාවට නොදුන්නාට ඔයාලා ඇති තරම් ගහ ගත්තා...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site