(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉනාමලුවේ අයි ඕ සී ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබාදී තොග අවසන් වීමෙන් පසුව භූගත ටැංකි විවෘත කර පෙන්වන ලෙස ඉල්ලා ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පස්දෙනෙක් අද අළුයම සැකපිට සීගිරිය පොලීිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයන් දඹුල්ල, ඇටවරාහේන, සිගිරිය, කන්තලේ, සහ ගිරිතලේ, ප්‍රදේශ්යේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි
එමෙන්ම ඉන්ධන පිරවුම්හලට ලැබුණු ඉන්ධන ක්‍රමානුකූලව පෝලිමේ රැඳී සිටි සියලු දෙනාට ලබා දෙමින් සිටියදී මාධ්‍යම රාත්‍රිය වන විට පෙට්‍රල් අවසන් වී ඇතැයි පොලිසිය කියයි.
ඉන්දන අවසන් වූ බව නිවේදනය කිරීමත් සමග එහි සිටි පිරිසක් පොලිසිය හමුදාව සහ ඉන්ධන පිරවුම්හල් සේවකයන් සමග බහින් බස් වීමක් ඇති ව එය ගැටුම්කාරී තත්ත්වයකට පත්වූ බව පොලිසිය කියයි.
රාත්‍රිය වන විට සංවිධානාත්මකව මාර්ගය වසා සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනයට බාධා කරමින් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන නොමැති නම් භූගත ටැංකි විවෘත කොට ඔවුන්ට පෙන්වන්නැයි ඉල්ලා කෑ කෝ ගසමින් විරෝධතාවයේ නිරත වන්නට විය.
ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කියා සිටියේ මින් ඉදිරියට ඉන්ධන ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවය .දවස පුරා ඔවුන් දැඩි වෙහෙසක් දරමින් ඉන්ධන ලබා දී මධ්‍යම රාත්‍රිය වන විට මේ ආකාරයෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට ආරක්ෂක නිලධාරීන්ට පිරවුම්පොලට ගල් මුල් ප්‍රහාර එල්ල කරන්නේ නම් මෙම ක්‍රියාවලිය තවදුරටත් සිදු කිරීමට නොහැකි බවය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉනාමලුව ඉන්ධන හලේ කලබලයක්
uk rann Sunday, 03 July 2022 09:43 AM
කාලකණ්ණි ජෙප්පන් කොහොම හරි ගිනිතියන්න බලන්නේ... ඒ අයට ඕනේ විනාශ කරන්න විතරයි...!