(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමාණවත් ඉන්ධන තොග ඉදිරි දින කිහිපයේදී නොලැබුණහොත් රට පුරා ( දිස්ත්‍රික්ක 7ක) සියලු තේ කර්මාන්ත ශාලා වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.
රට පුරාම පෞද්ගලික තේ කම්හල් දෙසිය හැට හතරක් සහ වැවිලි සමාගම යටතේවූ සහ සාමාජිකයන් නොවන කම්හල් තවත් දෙසිය පනහක් පමණ ක්‍රියාත්මක වේ.
සමහර තේ කම්හල් හිමියන් ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවා ඇතත් ඉන්ධන ලබාදීම මේ දක්වාම සිදුවී නැති බවත් ඛනිජ තෙල් සංස්ථාවෙන් තේ කර්මාන්තයට ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැති බවත් සභාපතිවරයා කීවේය.
ඉන්ධන ප්‍රශ්නය සහ විදුලිය කැපීම හේතුවෙන් දිවයිනේ සමහර ප්‍රදේශවල කර්මාන්තශාලා ක්‍රියාත්මක වන්නේ සතියේ දින හතරක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන ප්‍රශ්න හේතුවෙන් තේ දලු ප්‍රවාහන කටයුතුද අඩපණවී ඇතැයි වාර්තා වේ.
මේ අතර විදුලිය කප්පාදුව නිසාද තේ කර්මාන්තශාලා බරපතළ අර්බුදයකට වැටී ඇතැයි සඳහන් කළ ලයනල් හේරත් මහතා විදේශ විනිමය වැඩි වශයෙන් ලැබෙන තේ කර්මාන්තයේ ප්‍රශ්න ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.
රටපුරා කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරක් සහ තේ කර්මාන්තය ආශ්‍රිත වක්‍ර රැකියාවන්හි නියැළෙන ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් මේ තත්වය හමුවේ බරපතළ පීඩාවකට ලක්ව සිටින බව තේ කම්හල් හිමියන්ගේ සංගමය පවසයි.
තේ කර්මාන්තශාලා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් මෙයට පෙර ආරම්භ වුවත් එය අසාර්ථකවූ බවද සංගමය සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්ධන හිඟයෙන් තේ කම්හල් ටිකත් කොට උඩ
pakeer Friday, 01 July 2022 10:33 PM
අපි සාමාන්‍ය මිනිස්සු වෙලත් මේවා කළින්ම දැනන් හිටියා... ඒත් මේ මහලොකු මොල හතා මේවා දැක්කේ නැහැ. ඒ අය දැක්කේ කොහොම හරි හොරකම් කරන එක විතරයි.
ab Saturday, 02 July 2022 06:40 AM
කෘෂිබෝග වගාවන් පුළුල් කිරීමට නම් පළාත් මට්ටමෙන් අලෙවි කරන්නා වූ එළවලු සහ වෙනත් බීජ වර්ග පළාත් මට්ටමෙන් (ප්‍රාදේශීය ලේකම් හෝ ගොවිජන සේවා) අලෙවි කිරීමට සලසා දීමෙන් ගොවීන්ට හෝ ඕනෑම පුද්ගලයකුට මිලදී ගත හැකිය...
චින්තක Saturday, 02 July 2022 01:29 PM
අදහස් එවන්න කිව්වට එවනවා මිස එවන අදහස් කෙනෙකුට බලන්න දෙන්නේ නැහැ. නමුත් රට ගැන තියෙන කැක්කුම නිසා අදහස් දෙනවා. ඇත්තටම සුද්දා පුරුදුකළ වැවිලි ක්ෂේත්‍රය හා ප්‍රේමදාස ජනාධිපති ඇතිකළ ඇඟලුම් නැත්නම් මේ රට මේ වනවිටත් වල පල්ලට ගොස් අවසන්... ඉහළින් ලැබෙන නියෝගය ක්‍රියාත්මක කරපු හමුදා නිළධාරියෙක් පාලකයා කිරීමට වියතුන් යැයි සිතට ගත් මුග්ධයින් පිරිසක් කොපමණ දැඟලුවාද? 1956 දී කැළණිය මූලික වෙලා ආණ්ඩුව හැදුවා මොකද වුනේ? නැවත 2019 කැළණිය නයි නටවා ආණ්ඩුව හැදුවා රටම ඉවරයි.. දැන් කියන්න වෙන්නේ උපන්දා සිට කියලා නොවෙයි. නිදහසේ සිට තිබුණු රට නැත පෙරට ආවොත් කැළණියෙන් කියලයි. රටට මේ විනාශය ඇතිකළ අනාගත පරපුරේ විනාශයට මං පෑදූ අයට ශාපවේවා...!