IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජපානයෙන් මෙරටට ඩොලර් මිලියන 3 මානුෂීය ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකීය ජනතාවට සෘජුවම ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඖෂධ,ආහාර ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3 ක මුදලක් හදිසි මානුෂීය ආධාර ලෙස යුනිසෙෆ් සංවිධානයට සහ ලෝක ආහාර වැඩසටහනට පිරිනමන බව ජපන් තානාපති කාර්යාලය පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ජපාන රජය දරණ ස්ථාවරය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වල පළවූ වාර්තා නිවැරදි නොවන නොමග යවනසුළු ඒවා බව ජපන් තානාපති කාර්යාලය පැවසුවේය.

ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කර ආර්ථික තත්ත්වය සහ ඒ හේතුවෙන් ඇති වී තිබෙන මානුෂීය තත්ත්වය පිළිබඳව ජපානය දැඩි අවධානයක් යොමු කර ඇතැයි ජපන් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ජපානයේ දිගුකාලීන මිතුරෙකු වන ශ්‍රී ලංකාවේ, ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම ආධාර උපකාර වනු ඇතැයි ජපානය අවංකවම බලාපොරොත්තු වන බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවල ප්‍රගතිය සහ මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්,ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර ඉදිරියට ලබා දෙන සහාය සම්බන්ධයෙන් තීරණය කරන බව ජපන් තානාපති කාර්යාලය පැවසුවේය.

ශ්‍රී ලංකාවට ඉදිරියටත් ජපානයේ සහාය හිමිවන බව ජපන් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ජපානයෙන් මෙරටට ඩොලර් මිලියන 3 මානුෂීය ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site