IMG-LOGO

සුනාමි රැල්ලක් ගැන අනුර කුමාර කියයි

(සනත් ගමගේ)

පලමු රැල්ල අවසන් වුනා. දැන් දෙවන රැල්ල ආරම්භ කර තිබෙනවා. ඒ දෙවන රැල්ල ජන සුනාමියක් බවට පත් කරනවා. ගම් මට්ටමින් බිම් මට්ටමින් සියළුම දෙනා මෙම දෙවන රැල්ලට එකතු විය යුතුයි.

අම්බලන්තොට දී පැවැති උද්ඝෝෂණ පා ගමනින් පසුව පැවැති ජනහමුවේ දී කීය.

පොලිස් නිළධාරීන් අපි වගේම අය ඒ අය යුනිෆෝම් දා ගත්තම තමයි වෙනස. ඒ නිසා ඒ අය සමඟ ගැටුම් හදාගන්න එපා. ඒ අය තෙල් පෝලීම්වල දෙවරක් ඉන්නවා. එක්වරක් පෝලිම් හදන්න ඉන්නවා. තවත් වරක් තෙල් ගහගන්න ඉන්නවා. අපි ඒ අයත් සමග එකතුවෙන්න අවශ්‍යයි. අපි ඒ අයට ආරාධනා කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා  අම්බලන්තොට දී කීය.

ජනතාව අපෙන් අහනවා. මේ ආණ්ඩුව පලවා හරින දිනය කවදාද කියලා අපි දිනය කියන්නේ නැහ. ජනතාව කියන දිනයක අපි ලෑස්තියි. 



අදහස් (9)

සුනාමි රැල්ලක් ගැන අනුර කුමාර කියයි

සමන්ත Saturday, 02 July 2022 08:51 PM

88-89 කාලෙ හදපු රැල්ලෙන් හැටදාහකට වඩා තරුන පිරිස් සමග ඔහේලගෙ නායකතුමත් ගහගෙන ගියා. එදා හැංගිල හිටපු මෙයා දැන් අනුන් හදන පහන පපත්තු කරන්න හදනවා.

:       0       0

NIMAL Saturday, 02 July 2022 09:25 PM

මැතිවරණයකට නොගොස් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම්, ඔබලාට ආණ්ඩුවක් කිරීමට සහ මහජනතාවට අවශ්‍ය සහන සැලසීමට හැකියාවක් තිබේ නම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර අවස්ථාව උදාකර ගන්න. කෝටි ගණනක් මුදල් වියදම් කර මැතිවරණයකට නොගොස් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ඔබලාට උදව් ඇත. පළමු රැල්ල අවසන් වුණා. දැන් දෙවැනි රැල්ල ආරම්භ කර තිබෙනවා. ඒ දෙවන රැල්ල ජන සුනාමි පැමිණියහොත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින්නා වූ ඔබලා ඇතුළු සියලු දෙනාට සිදුවනදේත් හොඳින් තේරුම්ගෙන මේ පැමිණ තිබෙන්නා වූ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගෙන ජනතාවට සහන සලසන්න. ඔබලාගේ හැකියාවන් රටට පෙන්වන්න. එවිට ජනතාව නැවත ඔබලා ගැන සලකා බලනු ඇත...! 

:       0       2

Dil Perera Saturday, 02 July 2022 09:34 PM

තවත් කන්න ඉතුරුවෙලා තියෙන එක.. 1971 දීත්, 1987-1989 දීත් මේ අය කරපු නාස්තිය... මිනීමැරීම් අප ජනතාවට අමතක වෙලා කියලද හිතන්නේ...? 3% රට ගිනි තියන කුහකයින්..!

:       0       2

saliya Saturday, 02 July 2022 09:43 PM

ගැලවුම්කාරයාද මොහු? වතුර හින්දන තුරු බලාසිටින කෝකද මොහු?

:       0       2

Saththaya Saturday, 02 July 2022 09:53 PM

මෙච්චර කල් විපක්ෂයේ ඉඳගෙන පොල් ගෑවාද රටේ මෙච්චර දුෂණ, වංචා වෙලා බංකොළොත් වෙනකල්... දක්ෂ පුද්ගලයින් කියන්නේ, වෙද්දීම තොරතුරු අරගෙන එළියට දාන එක... මගඩි වැඩ අවුරුදු 15ක් විතර කරගෙන ගිහින්.... නඩු දාලා ඔප්පු කරද්දී තව අවුරුදු 15 ක් විතර යයි. එතකල් විනිස්සු හාමතේ මැරෙයි. මිනිසුන්ගේ අසරණකමින් බලය අල්ලන්න දඟලනවා වෙනුවට දැනට (2024 වෙනකල්) හැමෝම එකතුවෙලා ගොඩ එන මාර්ගයක් හොයන්න නේද ඕන...? ඒක නේද නියම සමාජ සේවය... යහපත් පුරවැසියන් කියන්නේ ඒ අයට. අනික් කොට්ඨාශයට කියන්නේ ත්‍රස්තවාදීන් කියලා. 83 වුනේ කඩ කඩල මාරු වුණා. මෝඩ ජනතාව බඩු උස්සන් ගියා... නියම වීරකම. දැන් නිර්පාක්ෂික අරගලය කියා ඒකත් අල්ලාගෙන ඉන්නේ... නියමයි. ගොඩක් සතුටුයි... ජයවේවා...!

:       0       2

BamunuarachchiMonday, 04 July 2022 08:17 AM

3-7-22 ඉරිදා ලංකාදීප පත්තරේ 6 වෙනි පිටුවේ ඇති " විපක්ෂය රට ගොඩගන්නේ මෙහෙමයි" කියන ලිපිය කියවන්න. ටිල්වින් කියන ජෙප්ප කියලා තිබෙනවා 1. අපිත් අඩු පොලියට නය ගන්නවා. 2. අපි තිබෙන නය ප්‍රතිවීව්‍යූය ගත කිරීමට අදාළ රටවල් සමහ කතා කරනවා. 3. අපි සංචාරක ව්‍යාපාරය දියුනුකරනවා. 4. අපි කර්මාන්ත දියුණු කරනවා. ටිල්වින් කියපු බහුබූත අනුන් කරන වැඩ තමන් කරනවා කියලා පිටුවක් පිරෙන්න ලියලා තිබෙනවා. ජෙප්පන්ට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ජෙප්පෝ කරනවා කියන දේවල් සේරම මේ ආණඩුව දැනට කරනවා. මෙරටට සංචාරකයෝ ලක්ෂ ගනන් ආවේ ජෙප්පෝ සංචාරක ව්‍යාපාරය කොරලා නොවෙයි. ජෙප්පෝ ජීවත් උනේ සංචාරකයින්ට මාල පබළු විකුනලා.

:       0       3

VICHARAKA. Saturday, 02 July 2022 11:58 PM

කිසිම ප්‍රායෝගික දේශපාලන අත්දැකීමක් නැති කෙනෙකුට හෝ පිරිසකට මෙවැනි අතිශය (1948න් පසු) දේශ: සුනාමියක් හා සමාන පසුබිමක මේ රටේ තත්ත්වය සටහන් කිරීමට තරම් ශක්තියක්, බලයක් මොවුන්ට ඇත්දැයි සාධාරණ සැකයක් ඇති සෙයකි...

:       0       2

pj Sunday, 03 July 2022 07:12 AM

"ගම් මට්ටමින්, බිම් මට්ටමින් සියළුම දෙනා මෙම දෙවන රැල්ලට එකතු විය යුතුයි". ඇයි කහනවටද? 88, 89 කාලේ විරුද්ධ වූ මවුපියන්, අහිංසක දරුවන් ඉදිරියේම අමුඅමුවේ මරලා දැම්මා. ගෙවල්වල තිබුණු රත්‍රන් සියල්ල හොරා කාලා කෝටිපතියන් වුණා. පවුලත් අනාථ වුණා. දියුණුවෙමින් පැවැතුණු රට අවුරුදු ගණනකින් ආපස්සට ගියා. තවමත් කරන්නේ අහිංසක තරුණ තරුණියන්ගේ විශ්ව විද්‍යාල ඉගෙනීම කඩාකප්පල් කරමින් ඔවුන් පාරට බස්සවා තරුණ උද්වේගකර මනස අයථා පරිදි යොදාගනිමින් උගත් තරුණ පරපුරේ අනාගතය වළපල්ලට ඇද දැමීමකි. ගම් මට්ටමින්, බිම් මට්ටමින් සියළුම දෙනා එකතු විය යුත්තේ මෙම සාතන්ලාගේ සාපයේ රැල එලවා දමා, වැටී තිබෙන රට ගොඩ දා ගැනීමටයි...

:       0       3

Bamunuarachchi Sunday, 03 July 2022 12:43 PM

බල්ලන් බිරුවාට තවලම යනවා.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site