ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන්ග් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද(11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි. 11 May 2022
වෘත්තීය සමිති නායක ලීනස් ජයතිලක මිය යයි මාක්ස්වාදී බුද්ධිමතකු මෙන්ම වාමාංශික ක්‍රියාධරයකු හා ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයකු වූ වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක මහතා අභාවප්‍රාප්ත විය. 11 May 2022
‘ලිට්රෝ ගෑස් සමාගමේ කටයුතු බලයලත් නියෝජිතයන් හරහා පමණයි‘ ලිට්රෝ ගෑස් සමාගම ගෑස් බෙදාහැරීම, ගබඩා කිරීම සහ අළෙවි කිරීම එම සමාගමේ බලයලත් බෙදාහැරීමේ සහ අළෙවි නියෝජිතයන් හරහා පමණක් ක්‍රියාත්මක වන බවත් වෙනත් පාර්ශවයන් ලිට්රෝ ගෑස් ගබඩා කිරීම සහ තොග පවත්වාගෙන යන්නේ නම් එය එම සමාගමේ මැදිහත්වීමකින් සිදුවන්නක් නොවන බවත් ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 May 2022
පොදු ප්‍රවාහන බස් රථ 40 ක් විනාශ කරලා ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රට පුරා ඇති වූ කළහකාරී සිද්ධීන්වලින් පොදු ප්‍රවාහන බස් රථ 40 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම බස්වලින් වැඩි සංඛ්‍යාවක් ගිනිතබා විනාශ කර ඇති බවත් බස් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 11 May 2022
යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි. 11 May 2022
නි.පොලිස්පති දේශබන්දුට පහරදීමේ සිද්ධියේ තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සදහා හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය. 11 May 2022
වෘත්තිය සමිති වැඩවර්ජනය අවසන් ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැඩවර්ජනය අවසන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත රවී කුමුදේෂ් මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
‘ජනපති ධුරයෙන් ඉවත් වෙන්නැයි කිරිඇල්ලත් ඉල්ලයි‘ රටට අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දී වහාම ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(11) පැවසීය. 11 May 2022
මහ බැංකු අධිපති සති දෙකක් කල් දෙයි ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වන බව එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පැවැසීය. 11 May 2022
විදුලි කප්පාදුව පැය 7ක් වන ලකුණු තාප විදුලිබලාගරවලට ඉන්ධන නොලැබුණ හොත් ඇඳිරි නීතිය ඉවත්කළ පසු දිනකට පැය හතහමාරක් අනිවාර්යෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් එරංග කුඩාහේවා මහතා අද (11) පැවසීය. 11 May 2022
‘ජනාධිපති වාහාම අස්වියයුතුයි‘ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහාම ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලික සම්මුති ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
ආරක්ෂක-මහජන ආරක්ෂක-මුදල් අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කෙරෙති ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරු එම තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් අද (11) සිට නැවතත් පත් කරනු ලැබ සිටිති. 11 May 2022
යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. 11 May 2022
ආරක්ෂාව පතා හිටපු අගමැති රැගෙන ගියා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (11) පස්වරුවේ පැවසීය. 11 May 2022
පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට ඉංගිරිය ඌරුගල නම්බපාන නිවසක් තුළදී පියාගේ හිසට යතුරු පැදියක යකඩ පටියකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිමහල් පුතු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය සඳහන් කරයි 11 May 2022
විනාශයට හේතුව ඩලස් කියයි ප්රජාන්ත්රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටියි. 11 May 2022
‘පෞද්ගලික බස් දේශපාලන කටයුතුවලට දෙන්නේ නෑ‘ පෞද්ගලික බස් රථ මින් ඉදිරියට කිසිඳු දේශපාලන කටයුත්තකට නිකුත් නොකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 11 May 2022
‘සජිත් අගමැති වෙනවානම් සහය දෙනවා‘ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්රාමාත්යධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 May 2022
අයි එම් එෆ් ලංකාව ගැන නිවේදනයක් නිකුත් කරයි ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (10) නිවේදනය කර තිබේ. 11 May 2022
දිනේෂ්ගේ ගෙදරටත් පහරදෙයි හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි වාර්තාවේ. 11 May 2022
ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක් මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. 11 May 2022
අර්බුදයට විසැඳුම් සුමන්දිරන් කියයි වහාම අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්කර ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පැවසීය. 11 May 2022
ජාජබ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරයි වත්මන් ජනාධිපති ඉල්ලා අස්වන්නේ නම් රටේ වගකීම බාරගන්න අපි සුදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි. 11 May 2022
‘පරිගණක ගිනි අරන්: සූම් රැස්වීමට එන්න වෙන්නෑ‘ තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගිනිගෙන විනාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සූම් රැස්වීමට සහභාගීවීමට නොහැකි බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 11 May 2022
‘මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න‘ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලීමක් කළේය. 11 May 2022
‘ජනපති ඉවත් වෙනවානම් වගකීම බාරගන්නා බව සජබ කියයි‘ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආන්ඩුවේ වගකීම භාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 11 May 2022
පරිසර ඇමැතිගේ නිවසත් ගිනිබත් වෙයි පරිසර ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා පදංචි එරාවූර් පිහිටි නිවසට අද (11) කඩා වැදුණු පිරිසක් නිවසට ගිනි තබා විනාශ කර ඇතැයි එරාවූර් පොලීසිය කියයි. 11 May 2022
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි? ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාව පුරා මරණ, රෝහල් ගත කිරීම් සහ නිවාස ගිනි තැබීම් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසීලන්ත රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. 11 May 2022
පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද සවස 3.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. 11 May 2022
වටරැක රැඳවියන් ගාලුමුවදොර ආවාදැයි විමර්ෂණයක් ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගි කරවූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ෂණයක් ආරම්භ කරන බව එම කොමිසමේ නිලධාරියෙක් අද (11) පැවසීය. 11 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026